(ප්‍රසාද් රුක්මල්)
වැලිමඩ මස්පන්න මාර්ගයේ දිබුලන දිබුලත්කදුර ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ කොන්ක්‍රීට් මිශ්‍රන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් එහි රියදුරු මියගොස් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඌවපරනගම පොලිසිය පවසයි .
අනතුරින් මියගොස් ඇත්තේ බිබිල අයිවෙල මැදපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරප්පුලිගේ ජගත් පුෂ්පකුමාර ප්‍රනාන්දු (46) නැමති අය බවද පොලිසිය කීය .
අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ දෙමෝදර සහ දිබුලන දබගහපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 22 වයසේ පසුවෙන දෙදෙනකු යැයි පොලිසිය සදහන් කළේය .
ඌවපරනගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd