IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි

(අංජුල මහික වීරරත්න)

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ආධාර ලබාදෙයි.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත බාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් විසි දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.



අදහස් (1)

කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි

chaminda Wednesday, 14 May 2025 03:45 PM

දැන්වත් මේ විකාර බස් ගමන් වාර නවත්වන්න. කතරගම සිට කුරුණෑගල යනවා නම් මොන මගුලකටද ගැරඬි ඇල්ල හරහා යන්නේ? කතරගම සිට කොට්ටාව හරහා කුරුණෑගල. හරි සරලයි. ඒ වගේම මගී බස්රථ රියදුරන්ට පැය එක හමාරකට වරක් මිනිත්තු 15 ක් විවේකයක් ගැනීම අනිවාර්ය කරන්න. දිනකට රියදුරෙකුට සේවය කළහැකි උපරිම කාලය පැය 6 කට සිමා කරන්න. ඒ වගේම මගී බස්රථ මාස 6 කට වරක් යෝග්‍යතා පරීක්ෂණයකට ලක්කිරීම අනිවාර්ය කරන්න. මගී බස්රථ සේවකයින්ට සහතික පත්‍ර පාඨමාලාවක් සකස්කර එම සහතිකය හා පුහුණුව අනිවාර්ය කරන්න. ඒ අයව නිරන්තරයෙන් අධීක්ෂණය කරන්න. රටට විශාල ලෙස මුදල් ඉතිරි වේවි... රිය අනතුරු අඩුවීම නිසාවෙන්. ඒ වගේම මාර්ගවල විනයක් ඇතිවේවි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site