IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කොළඹ යළි අනවසර ඉදිකිරීම් බෑ

(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් වලට කිසිම ඉඩක් දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද  අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණි. 

කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීති රීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

අතිශය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙලෙස අවදානමට ලක් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.



අදහස් (4)

කොළඹ යළි අනවසර ඉදිකිරීම් බෑ

පන්සිළු Wednesday, 10 December 2025 01:02 PM

කියලා බෑ. ඒවාට ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනෑ.

:       0       16

suraweera Wednesday, 10 December 2025 01:53 PM

කතාව නම් උපරිමය තියනවා ක්‍රියාත්මක වීමක් ඇත්තේ නෑ. අනවසර ඉදිකරීම් හැමතැනම මනුස්සයෙකුට පාරේ පයින් යන්න කිසිම ඉඩක් නැහැ. හැමතැනම තියෙන්නේ පදිකයින්ට යන්න ඉඩ නැති පදික වේදිකා, හැමතැනම පෙට්ටිකඩ, ටකරන් කඩ ... අපි තමුන්ලට බලය දුන්නේ වුණු වැරැදි හදන්න. අනවසර නම් අනවසර, කඩල ඉවත්කරන්න පිට කොන්දක් තියෙන්න ඕනෑ..

:       1       8

ලයන් Wednesday, 10 December 2025 02:03 PM

මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි, අවුරුදු 76 කොළඹ පාලනය කළ අය මේ ඉදිකිරිම් වලට වග කිව යුතුයි.

:       5       7

Senewirathna Wednesday, 10 December 2025 03:34 PM

කොළඹ විතරක් නොවෙයි රටේම අනවසර ඉදිකිරීම් නවතන්න කොළඹගම පමණක් කිව්වාම රක්ෂිත අනතුරුවලට ලක්වෙන්න පුළුවන්... පළාත් පාලන ආයතන සතු මාර්ග පටුවෙන ආකාරයට ඉදිකිරීම් වලටත් අනුමත කිරීම් TOලා නිර්දෝශී කර අනුමැතිය දෙනවා. එනිසා මාර්ග පහසුකම් නොමැති ප්‍රදේශවල නැතත් වරිපනම් අයකරන ප්‍රදේශවලවත් අනවසර ඉදිකිරීම් තහනම් කර පනතක් සම්මත කරන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 489 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site