IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි

(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ කොළඹ 07 පිහිටි  නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (10) නියෝග කළාය.

සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව  මහතාට එරෙහි විමර්ශනය  කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළාය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මතසිටින සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර කුරුඳු වත්ත පොලිසිය සඳහන් කරසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බවය.

එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මර්වින් සිල්වා මහතා කරුණු දක්වමින් , හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසිය සතුව ඇති බැවින් නීතිපතිවරයාගේ උපදෙසක් ලබා ගැනීම අවශ්‍යතාවයක් නොවන බවය .මෙම විමර්ශනය දේශපාලන කාරණා මත පදනම්ව සිදු කරන බවත් සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසට පොලිසියට නියෝග කළාය.

නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල  කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .

ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම්  තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම  සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය  නීතිපතිවරයාගේ  උපදෙස් සහ වැඩිදුර  විමර්ශන වාර්තා මාර්තු 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.   



අදහස් (3)

කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි

රුවන් Monday, 10 February 2025 08:10 PM

ඇමරිකාවේ වගේ නම් මල් වඩම් නෙමෙයි තියෙන්නේ ගෙදරටම ඇවිල්ලා ඔලුවටම තියෙන්නේ. ලංකාවේ මිනිස්සු හොද වැඩියි.

:       0       0

Perera Monday, 10 February 2025 11:28 PM

යන විදියට නම් නීතිපති උපදේශ අනුව සැකකරු නිදහස්

:       0       1

Nimal 1 Tuesday, 11 February 2025 05:37 AM

මේ කාලකන්නියට ඉක්මනින්ම මල් වඩම් අවශ්‍ය වෙයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 38 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 835 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site