
(රවීන්ද්‍ර නෙත්තසිංහ සහ නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පැවැත්විණ.
ජන හමුවට ආ පිරිසෙන් කුරුණෑගල සත්‍යවාදී පිටිය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියහ.
පක්ෂ මහගේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් අමරසේන, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


COMMENTS
අනුරාධපුර කඩවීදිය වගේද කුරුණෑගල සත්‍යවාදී පිටිය කියලා බලන්න...
අපි ඉතින් හැමදාම මේ අයට රැවටෙනවා. අන්තිමේදී ඒ අය ගොඩ යනවා, අපි හිඟමනට වැටෙනවා.
ඔහොම යමු. ජය වේවා
සජබයියන් සහ ජජබයියන් අතර වගේ දැන් සටන තියෙන්නේ. දෙකෙන් කොයිකට ගියත් අරාජිකත්වය විතරක් බව නම් සක්සුදක් සේ පැහැදිලියි. මොකද වයිරය, බොරුව සහ වංචාව හැර වෙනත් දෙයක් ඔය දෙගොල්ලන්ටම නැහැ.
ලඟදි සම්මත කරපු පුනරුත්තාපන පනත වගේ රටේ මිනිසුන්ට බලපාන රනිල්ගේ තක්කඩි පනත් කිහිපයක් ම සම්මත කරන විට සජබේ මත්රිලා ඕන කමින්ම සභාව මගරලා හිටිය ,( එහෙම නැත්නම් ඒවා සමහරක් පරද කරන්නත් පුළුවන් කම තිබ්බ ), එකෙන් සජිත් ගේ සජබේ උන්දලා රටේ මිනිස්සු ගැන හිතන විදිහ හිතාගන්න
යට වෙලා ද ජන ගගට?
කුරුණෑගල මිනිස්සු ආයෙත් රැවටෙන්න යන්නේ. මේ මිනිස්සු ඇත්තටම චන්දේ දෙයිද. දුන්නොත් මෙයාට රට තියෙන තැනිනුත් පහලට. රැවටෙන්න නම් එපා මයේ අප්පලා ඔය දෙගොල්ලෝ තමයි මේ රට මේ තියෙන තත්වෙට ගෙනාවේ.
මගේ අයියත් ගියා.එහෙන් මෙහෙන් අහුලලා බස් වලින් ගෙනාපු අය තමයිලු වැඩිපුර හිටියේ.කුරුනෑගල අය 200 වත් හිටියේ නැහැයිලු.
සජබෙට කොතරම් ගංගාවන් ගැලුවත් මමත් මේ සැරේ ජාජබට දෙන්න හිතාගෙන ඉන්නෙ ගොවියෙක් හැටියට අවශ්‍ය වන රසායනික පොහොර සියල්ලම රජයෙන්ම නොමිලයේ ගැනීමට කැමැත්ත අපේ වී ටික ඉහළම මිලකට රජයට විකුණා ගැනීම හා ඉතාමත් අඩු මිලකට වෙළද පොලෙන් හාල් ගැනීමේ අවශ්‍යතාව එකක් .අනෙක සියලුම අයට භාණ්ඩ අඩුමිලට ඉන්ධන සහන මිලට ගැනීමේ අවශ්‍යතාව .සියලු රැකියා කරන්නන්ට සෑම අවුරුද්දකම ප්‍රමාණවත් වැටුප් වැඩිවීම් ලැබීමට අවශ්‍යතාව ගොවීන්ට හා වැවිලි කරුවන් සදහා ඔවුන්ගේ නිෂ්පාදන සදහා ඉහළම මිළක් ලැබෙනවා දැකීමට ඇති කැමැත්ත , .විශ්ව විද්‍යාල සිසුන් කියන ආකාරයට පහසුකම් ලැබෙනවා බැලීමේ අවශ්‍යතාව වර්ජන තර්ජන නොමැති කාලයක් දැකීමේ අවශ්‍යතාව ප්‍රධානම කාරණය ආදායම් බදු අයනොකර පාලනය ගෙන යන්නේ කෙසේද කියා බැලීමේ කැමැත්ත රට ප්‍රපාතයකට දැමූ සුනාමි ආධාර ගසාකෑමේ සිට ජනතා මුදල් කාබාසිනියා කල පිරිස් දඩුවම් ලබන ආකාරය බැලීමට ඇති කැමැත්ත ආදිය නිසා තමයි කොටින්ම කිව්වොත් ජාජබ නායකයො කියන ආකාරයට රජයන් විවේචන කිරීම් වලින් පෙන්වන වැරදි නොමැතිව පාලනය ගෙනයන ආකාරය දැකීමේ බලවත් ආශාවක් තිබීම
ජන ගගක් හරි ජන මුහුදක් හරි ගැලුවත් ඇති ථල කිමෙදක්ද. කුරුනෑගල නගර සභාව නගරයෙ වෙලෙන්හදන්දට හදපු කඩකාමර , පොහොට්ටුවොයි , ස ජ බ, ශ්‍රි නි ප එකට එකතුවෙලා බෙදාගත්තෙ , මෙය ප්‍රකාශ කලේ එසේ මෙසේ ආයතනයක් නෙමෙයි විගනකාධිපති ඔහුගෙ මෑතකදි නිකුත් කල විගනකාදි පති වාර්තාවෙ. මෙයයි කෙටි අදහස, හොර කමේදි , වාසියෙදි අපි එකට , මිනිසුන් ඉදිරි පිට වේදිකාවෙ අපි වෙනම. තව දුරටත් අපි රැවටෙමුද?
සජිත් මිනිසුන් මුලා කරනව 2004 චන්දරිකා ආන්ඩුවෙ ඇමති කම් ගත්ත එක JVP ඇමතියෙක් වත් පගා කෙලියෙ නෑ , රටට වැඩක් කරල පෙන්නුව , ඔවුන්කල වැරදි දෙයක් ඇත්නම් පෙන්වන්න , ඔබේ ඔය වෙදිකාවෙ ඉන්න කුරුනෑගල නගර සභා මන්ත්‍රිලගෙන් අහන්න පොහොට්ටු නගරාධිපතිත් එක්ක එකතු වෙලා නගර සභාව හදපු කඩ කාමර බෙදාගත්ත විදිය. මෙම කරුනු දක්වන්නෙ විගනකාදිපති වාර්තාවෙ. එහෙම පිරිසකට මොන චාර්යදර්මද. ඔබ ඉන්නෙ දුෂිතයො පිරිවරාගෙන. මිනිසුන් දන්නව ඔබ බලයට ආවත් එය පොහොට්ටුවෙම දිගුවක් කියල.
ලොරිවලින් ඇද්ද කට්ටිය කොහෙන් ආවද කියලා මේ පැත්තේ කවුරුවත් දන්නේ නැහැ.හැබැයි ආව උන්ගෙන් බාගයක්ම යද්දී කුණුවෙන්න බිලා හිටියේ.
ඔබ ප්රකාශකරනව වැරදි කරන අයට දඩුවම් දෙනව , මන්ත්‍රිවරුන්ට චාර්ය ධර්ම මාලාවක් හදුන්වාදෙනව කියල. බලන්න ඔබේ පක්ෂයෙ ජාතික සංවිධායක ති අත්තනායක , එකල ඔබ එ ජා ප උප නායක , ඔය යෝදය පක්ෂෙ පාවාදීල ඇමතිකමක් ගන්න මහින්දගෙ ඔඩොක්කුවට පැන්න . පැනල ඔබ උප නායකත්වය දීපු එ ජා ප මඩ ගැහුව , බොරු LTTE ගිවුසුමක් පෙන්න පෙන්න.මේකට හිරෙත් ලගින්න උනා. පස්සෙ රනිල්ගෙනුයි , සිරාගෙනුයි සමාව අරගෙන තමයි නිදහස ගත්තෙ . එහෙම දෝහියෙක් තමයි අද ඔබේ පක්ෂෙ ජාතික සංවිදායක , පත්කල මන්ත්‍රි.ඔබ කොහොමද දඩුවන් දෙන විදිය කියල අප දන්නව නිකන් වචන පමනයි. ඔබ විවේචනය කරන රතු මල්ලිල ඔවුන්ගෙ පක්ෂයෙ විනය කඩපු සාමාජිකයන්ට ගත් පියවර බලන්න. අනුරුද්ද පොල්ගම්පල එක්කෙනෙක් . ඔබලා ගේ වචන විතරයි ක්‍රියාව ගද ගහනව. එයයි තිත්ත ඇත්ත.
හිරුනිකා පේන්න නෑනෙ. සෙනග දැකල පොඩි චූන් එකක් ඇවිත්.
අම්මෝ මෙහෙම ගොන්නු හිටියොත් වසර 20490394 පස්සෙත් මේක දියුණු වෙමින් පවතින රටක් වෙයි.. දාලා යමං..
සජබෙට කොතරම් ගංගාවන් ගැලුවත් මමත් මේ සැරේ ජාජබට දෙන්න හිතාගෙන ඉන්නේ. ප්‍රධානම කාරණය ආදායම් බදු අයනොකර පාලනය ගෙනයන්නේ කෙසේද කියා බැලීමේ කැමැත්ත රට ප්‍රපාතයකට දැමූ සුනාමි ආධාර ගසාකෑමේ සිට ජනතා මුදල් කාබාසිනියා කළ පිරිස් දඬුවම් ලබන ආකාරය බැලීමට ඇති කැමැත්ත ආදිය නිසා තමයි... කොටින්ම කිව්වොත් ජාජබ නායකයෝ කියන ආකාරයට රජයන් විවේචනය කිරීම් වලින් පෙන්වන වැරදි නොමැතිව පාලනය ගෙනයන ආකාරය දැකීමේ බලවත් ආශාවක් තිබීම තමයි..
අනිත් පක්ෂවලයි, සමගි ජන බලවේගයයි, ඔක්කොම එකම යාලුවෝ කට්ටිය. මේ ගොල්ලෝ බලයට ආවත් හොරු අල්ලන්නේත් නැහැ. රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙන්නෙත් නැහැ. නැවත ඉතින් මේ දැන් පවතින ක්‍රමයෙන්ම තමයි දිගටම යන්නේ. රටේ දියුණුව පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නොහැකියි.
ලංකාවේ ගොන් බයි වහල්ලු ටික කවදාවත් හදන්න බෑ .මැරෙනකම් වහල්ලු
කවුරු ආවත් ණය අර්බුදයට, ආර්ථික කඩා වැටීමට ක්ෂණික පිළිතුරු නැහැ... නමුත්, සජබය තමයි දැනට තියෙන එකම ජනහිතකාමී විකල්පය...
අපේ මාමණ්ඩි ස.ජ.බ ට තදේට වැඩ පවුලේ අනික් ජා.ජ.බ ඇත්තටම කෑගල්ල, මාවනැල්ල පැත්තේ ස.ජ.බ ට ටිකක් බලය තියනවා. මෙතෙන්ට එහෙ අයත් ඇවිත් ඉන්නවා අපේ මාමණ්ඩිත් ආවා..
මට තියෙන්නේ එක ඡන්දයයි. ඒක ජාතික ජනබලවේගයට දෙනවා මේ සැරේ...
1947 දී ආසියාවේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියූ අප වසර 74 කට පසු අද අපේ රට පාලනය කල මේ පිරිස් අප රට ආසියාවේ අන්තිමයා කර ඇත.බංකොලොත් රටක් කර ඇත.ඉන්න නොසිතෙන හැම අතින්ම පීඩා කාරී රටක් බවට පත් කර ඇත. අපට එසේ වූයේ ඇයි? පොඩ්ඩක් සිතා බලමුද? අපේ රටේ දේශපාලනය ආකර්ශණීය වෘත්තියකි. ආකර්ෂණීය ක්ෂේත්රයකි. අද පාර්ලීමේන්තුවට යන අය,පළාත් සබාවට පත්වන අය,ප්‍රාදේශීය සභාවට පත්වන අය සැබවින්ම එම තනතුරුවලට යන්නේ රට ගැන ආදරයෙන්ද? කිසිසේත්ම නැත.මොවුන් පොරකමින් මහජනයා මුලා කරමින් එම තනතුරුවලට යන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහාම පමණයි. මොවුන් මේ රට හැදුවානම් අවංකව සේවය කලා නම් අප රටේ සමස්ථ ආර්ථිකය මේවනවිට ආසියාවේ ඉහළම තැනකට ඇවිත් නොවේද? මොවුන් දේශපාලනයට පොරකන්නේ වරප්‍රසාද,කොමිස්,කොන්ත්රාත්වලින් ලාභ පවුලේ හා හිතවතුන්ට රිසිසේ රටේ වටිනා සම්පත් විකිණීම (එජාප රජය යූරියා පොහොර කම්හල විකිණීම වැනි) ධනය සොරාකෑමට අවශ්‍ය ඉඩහසර වෙනුවෙන් බව නම් සැබෑවක්ම වෙයි. මෙහි ප්රථිඵලය ලෙස රටට ඔරොත්තු නොදෙන අනවශ්‍ය ආයෝජන ව්‍යාපෘති,ප්‍රමිතියෙන් බාල සංවර්ධන ව්‍යාපෘති. අනවශ්‍ය රටසවාරි සියල්ල ලැබී ඇත.මේවා මහජනයාට කෙසේවත් තේරුන් යන්නේ නැත.