
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම නිල වශයෙන් දැනුම් දුන් වහා අදාල අසුන් පැනවීම කරන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් පසුගිය 17 සිකුරාදා ඉල්ලා අස්විය. ඒ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු ස්වාධීන ලෙස පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙමිනි.
කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි බලශක්ති අමාත්‍යවරයා සමග එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද පසුගිය සිකුරාදා ඉල්ලා අස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර තිබෙනවානම් පිටුපස අසුනක් නොවෙයි, වැලිකඩ ඇඳක් දීම සුදුසුයි.