(ගයාන් සූරියආරච්චි)
කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සංජය බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගනු ලැබීය.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී සිසු සිසුවියන්ට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිට ඇති බව පොලිසිය පවසයි.
පසුව සැකකරු විදේස්ගතවීම සදහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (26) ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ වෙන්න ඕනේ... ඔවුන්ට තමයි හීනමානය තියෙන්නේ...!
නවක වදය දුන්නා නම් මෙයාට දැඩි දඬුවම් දිය යුතුයි.