
(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ ආණ්ඩුවල අයවැය නිසියාකාරව ඉදිරිපත් කළා නම් රට මෙවැනි තැනකට වැටෙන්නේ නැහැ. ඒ අය රට වට්ටලා අපි රට ගොඩ ගන්න හදනකොට උපදෙස් දෙනවා.
අපේ රටේ ජනතාවට බලාපොරොත්තු තිබෙන රට ගොඩගත හැකි අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් වෙයි. විශේෂයෙන් වංචා දූෂණ නැති නාස්තිය අවම කරපු මහජන මුදල් සතේටම ගණන් බලා ජනතාව වෙනුවෙන් යොදවන අයවැයක් මෙවර ඉදිරිපත්වන බවට අපගේ විශ්වාසය තිබෙනවා.
විපක්‍ෂයේ අය සඳහන් කළේ අපට ජාත්‍යන්තර සහය නෑ කියලා. නමුත් අපට විශාල වශයෙන් ජාත්‍යන්තරයේ සහය ලැබෙමින් පවතිනවා. ඒ අය අප ආවොත් පෝලිං හැදෙයිි කියා කිව්වා. නමුත් අපි පෝලිං නවතා තිබෙනවා. රුපියල කඩා වැටෙයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා නමුත් ආර්ථික ස්ථාවර වී තිබෙනවා.
මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන්කොට තිබෙන්නේ ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වගේ පැති වලටයි. අපි බලය ගත්තේ ආර්ථික වශයෙන් වැටිච්ච රටක. එම නිසා ජනතාවට සහන දීම අවශ්‍යයි. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා. එසේම ආර්ථිකය ස්ථාවර කොට නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ සියල්ල අරමුණු කරගත් දිගු කාලීන අරමුණු සහිත අයවැයකුයි මෙවර ඉදිරිපත් කරන්නේ.
රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගත් ගිවිසුම් අනුව අය කළ යුතු බදු ප්‍රමාණයක් තිබෙනවා. ඒවා එසේ තිබියදීත් හැකි තරම් සාකච්ඡා කොට බදු අඩුකිරීමට පියවර ගෙන තිබෙන බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ එ මහනුවරට පැමිණ සති අන්තයේ ක්‍රියාත්මක කැන්ඩි ඔවිසි දුම්රියේ ප්‍රවර්ධන සංචාරයකට එක්වෙමින් මහනුවර දුම්රිය ස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.


COMMENTS
වැඩිය කතා නොකර වැඩ කරගෙන ගියානම් තමා වඩා සුදුසු. 2028 ණය ගෙවන්න පටන් ගන්න වෙනවා.තාම සාධනීය දෙයක්නම් පෙනෙන්න නෑ. සහනාධාර දීල නම් රටක් ගොඩ ගන්න බෑ.
මෙයාලා ගිය උඩ
විපක්ශ නායකයා. උපදෙස් දෙන්නෙ කොහොමද. නාකිනඩේ. හොරාට රටේ ජනතාවගෙ මුදල් හොරාකාපු එකට විරුද්දව නැගීහිටියද. අපි හොරු අල්ලනවා කියනවා විතරයි. එක හොරෙක් ඇල්ලුවද දැන් දඩිබිඩියෙ. වැඩ. අලුත් කට්ටිය හොයනවා. අල්ලන හොර දුශිතයින් . නතර කරන්න. ජනතාවට. ආදරේටද එන්නෙ. නැහැ මාලිමාව හරවන්න එන්නෙ. ජීවිතේට වෙන්නෙ නැහැ ඒක. තියෙන දෙයක් කාලා කට්ටියම නඩුවලට පෙනී සිටින්න ලෑස්තිවෙන්න. නාකී නඩේ සම්පුර්නයෙන් නැතිකරලා. විපක්ශය බාර දෙන්න ඕන. ඒවාගේම තරුන නඩ්ඩෙකට. එතකොට තමයි තරගයක්. තියෙනවා වන්චාව දුශනය. නැහැ රටත් ලස්සනයි ජනතාවත් සතුටෙන්. විපක්ශ නාය්කයා. කිබුල් කදුලු හෙලනවා. දැන්. ජනතාවට විදුලිය නැහැලු පොල් නැහැලු. පොල් නැති වුනේ මුන්ගෙ ප්‍ර්ශ්නවලට. දේවාලෙට යන්නෙ පොල් ගහන්න ඒකයි. දැන් එලොව පොල් පෙනේවි
ලැජ්ජාවක් තියෙන එකෙකුට අයවැය හරියාකාරව ඉදිරිපත්කලානම් රට මෙහෙම වෙන්නෙ නැහැ කියන්න බැහැ රට යන්තමින් පනගහගෙන එද්දී මුලින්ම 1971 අප්‍රේල් 05 කැරැල්ල ආරම්භකර රට විනාශකලා එහි විපාකයෙන් හරියටම අවුරුදු 17 ක් වෙද්දී 1988 නැවතත් එවුන්ම වඩාත් බරපතළම ආකාරයට රට අගාධයක දැම්මා උන්දැල විනාශකල සම්පත් ප්‍රමාණයට අමතරව විශ්ව විද්‍යාල සිසුන්ගේ මොළකෑම සිදුකලා ඉතින් අයවැය හරියට ඉදිරිපත් කලා වුනත් නාස්තිකාරයින්ගේ කැරැල්ල මර්ධනයටත් සාමාන්‍ය ජනයාගේ සුබසාධනය සදහාත් රටේ සංවර්ධනය සදහාත් රටේ ආදායම් ප්‍රමාණවත් නොවීම නිසා ලෝකයට ණයකාරයෙක් වෙන්න වුනා රටේ සිදුවූ සත්‍යම තත්වය එසේවුනත් බලලෝභීන්ගේ මොළයට ඒක තේරුම්ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ
දේශපාලනයේ මාස්ටර් මයින්ඩ් මහතා. ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ මහත්වරුනි.
ඉදලා හිටලා 255, 154 බස් වලත් යන්න. අසීමිත සැපක් දැනෙයි.
මට පෙනෙනවා රාජ උස්නේ ඔලුවට ගහල කියල, ආණ්ඩු බලේ ලැබුනම ඕන කෙනෙක්ට වෙන දෙයක් තමයි අධික රාජ උස්නේ හැදෙන එක. විපස්සේ ඉන්න කාලේ හරි නිහතමානී සඕදරවරුම එහෙම වෙලා අපි තමයි චන්ඩි කියල හැසිරෙන විදියක් පෙනෙනවා. විපස්සේ උන්ගේ උපදෙස් උවමනා නැහැ කිව්වත් ඒ විපස්සේ එකෙක්ට එක ඡන්දයක් හෝ ලැබුනා නම් එයින් කියවෙන්නේ ඔවුන් නියෝජනය කරන පිරිසක් ඉන්නවා කියන එක, එක නිසා ඔය අපිට උන්ගේ උපදෙස් ඕන නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විස්වාස කරන එවුන්ගේ කතා නෙවෙයි, ඔය විදිහේ කතාවක් අගමැතිතුමියත් කිව්වා! හ්ම්
මන්ත්‍රීවරයෙක් වත් නොවෙන ටිල්වින් කොහොමද අය වැය ගැන කියන්නේ ..අයවැය රහස් කියල කියන්නෙ කොහොමද
වමේ පක්ෂ ද සිටි 70 සමගි රජය පත් වී වසරක් ගතවීමට මත්තෙන් ලේ වැගිරීමක් ආරම්භ කළ, ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් 88/89 කාලයේ රටම අමු සොහොනක් කිරීමට අනුබල දුන්, ජනතා චන්දයෙන් බලයට පැමිණි සෑම ආණ්ඩුවකටම අකුල් හෙළමින්, අවසානයේ කප්පරක් බොරු දෙසා බා බලයට පත් මේ කපටි නරි රැල සහ ඔවුන්ගේ හෙන්චය්යින්ගේ මෙවැනි වහසි බස් ජනතාවට දැන් තිත්ත වී ඇති බව පමණක් සදහන් කරමු.
චතුරි ඉන්නවා නේද . හාල් වැඩි උනාට පුන්නක්කු ලාබයිනේ
ජයවේවා..!