
(සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය මහගොඩ පහලමානාන ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය මහා පරිමාන සූදු පොළක් වටලා කාන්තාවන් පහක් ඇතුලුව අට දෙනෙක් අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
පොලිසිය කැටපොළ වටලද්දී සූදු ක්‍රිඩාවේ යෙදී සිටි කාන්තාවන් අට දෙනෙකු තමන් පැමිණි යතුරු පැදි අටක් දමා පලා ගිය බවත් එම යතුරු පැදි අට පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගත් එම යතුරු සොයා මෙතෙක් කිසිවකුත් නොපැමිණි බවත් පොලීසිය කියයි.
ඔවුන් එම යතුරු පැදි අටේම යතුරු රැගෙන පලාගොස් ඇති බැවින් ඒවා පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයට ගෙන ඒමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බවද පොලීසිය කියයි.
මේ කැට පොලේ සූදු කෙලි කාන්තාවන් අටදෙනා ඇල්පිටිය, ඌරගහ, කරන්දෙණිය ආදී පදේශවල අය බවත් පොලිසිය කියයි
මේ සැකකාරියන් සහ සැකකරුවන් අට දෙනා අද (18)බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයට නොගැලපෙන සිද්ධි... ඔතැන කඩවන නීතිය බලපත්ර ගාස්තුවක් නොගෙවන එක නොවේද? සිරගෙවල් තව දුරට පුරවන්නේ නැතිව ස්ථානීය දඩ අයකරන ක්රමයකට යන්න බැරිද?
ලොකු ලොකු සල්ලිකාර පවුල්වල ගැහැනු, පිරිමි කැසිනෝ ගහන්න ලොකු ලොකු හෝටල්වලට යනවා. පොඩි පොඩි පන්තිවල ගැහැනු, පිරිමි බූරු පොළවල්වලට යනවා. දෙකෙම සිදු වෙන්නේ සූදු ක්රීඩාවයි.