(යොහාන් භාසුර)
මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු ජූජකවරුන්ට අපහාස කළේ යැයි විරෝධය දක්වමින් මීගමුව පිටිපන මීසම් හතරක ජනතාව අද (25) පෙරවරුවේ විරෝධය දැක්වූහ.
අගරදගුරු හිමියන්ට සහයෝගය දක්වමින් පැවැති එම විරෝධතාවට තලාහේන, පාසියවත්ත, මංකුලිය සහ පිටිපන වන මීසම් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් මීගමුව ශුද්ද වූ කානික්කා දේවමාතාවගේ දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර තලාහේන, පාසියවත්ත සහ මංකුලිය වන මීගම්වල කතෝලික පූජවරු සහ ජනතාව පෙළපාලියකින් එම දේවස්ථානයට පැමිණ විරෝධය දැක්වූහ.
එහිදී ජනතාව පිටිපන එක්සත් ධීවර සමිතියේ පිරිසට එරෙහිව කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාඳ කරමින් විරෝධය දැක්වූහ.
අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට, සියලුම ජූජකතුමන්ලාට සහ පිටිපන කතෝලික ජනතාවට විරුද්ධව කළ අසත්‍ය ප්‍රකාශවලට සහ අපහාසවලට බලවත් විරෝධය දක්වන බව එහිදී ජනතාව පැවසූහ.
‘අධිකරණ නියෝගයට ගුරු කරමු, අපි කාදිනල් හිමිපණන් සමඟයි සහ ටික දෙනෙක් බුක්ති විදින ලෙල්ලමේ ආදායම පිටිපන ධීවරයන්ට දෙන්න’ යනුවෙන් සටහන් තැබූ පුවරු ද ජනතාව අත තිබුණි.
එම විරෝධතාවට සහභාගි වූ අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා පියතුමා පැවසුවේ පිටිපන එක්සත් ධීවර සමිතියේ චෝදනාව සත්‍යද අසත්‍යද යන්න ඔවුන්ට විරෝධය දැක්වීමට පැමිණ සිටි විශාල ජනතවගෙන් පැහැදිළි වන බවයි.
ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට විරෝධය දක්වමින් පසුගිය සතියේ කොළඹදී අගරදගුරු නිවස අසළ විරෝධතාවක් පැවැත්වූහ.
COMMENTS
ආගමික නායකයන් සහ සමාජයේ තිබෙනාවූ ගැටළු සකජා මාර්ගයෙන් විසදා ගැනීම සිදුවිය යුතුම වේ, මහපාරේ හෝ මාධ්‍යයට voice cut ලබාදී වෛරය හෝ චෝදනාව, වේදනාව හෝ අපහස එල්ල කලද ගැටලුවට විසදුම් ලැබෙන්නේ නැත. සකජාවෙන් ඕනෑම ගැටළුවක් විසදා ගැනීමට හැකියාව ඇත.
කාදිනල්තුමාට හෝ වෙන කිසිම ආගමික නායකයෙකුට නින්දා අපහාස කිරීම කිසිම ශිෂ්ට සමාජයක් අනුමත කරන එකක් නැහැ .තමුන් උපමාවට ගෙන අනුන්ට හිංසා පීඩා කිරීම නුසුදුසු බව බුදුන් වහන්සේ පවා දේසනා කරලා තියෙනවා .කාදිනල්තුමාට කෑකෝ ගසමින් අපහාස කරපු උදවිය තමුන්ගේ තියෙන නොහික්මුණු බව, විනයක් චාරයක් නැති හැසිරීම් ලෝකෙටම පෙන්නුවා..පාස්කු ප්‍රහාරය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිට හඬක් නගපු නොසැළී කටයුතු කරපු එතුමා ඔවුන්ට සමාව දෙයි.එතුමා පිළිබඳව අප තුළ ඇත්තේ ගෞරවයකි
අපි දැන් නේ දන්නේ කාදිනල් බිස්නස් කරනවා කියලා
දැන් දැන් සභාවෙත් කචල් නේද ?කොහේ හරි කතෝලිකම දෙස්පාලුවෙක් ඇති ඕකට ගෑවිලා