(අංජුල මහික වීරරත්න)

රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22)පැවැසීය.

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසූයේ කැබිනට තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබූ බවත් ඒ වෙනුවට අතුරු පාලක මණ්ඩලයක් පත්කර එහි සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බවටත් පළවන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් තිබේදැයි එහිදී මාධ්‍යවේදියා විමසීය.

ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා පැවසූයේ අදාල කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හෝ සාකච්ඡා සිදුවූයේ නැති බවයි.