
(සුජිත් හේවාජුලිගේ )
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කෝටිපති ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ මැණික් විජේවර්ධන මහත්මිය සුවය ලබා පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
යහපත් තත්වයෙන් පසුවන ඇය ක්ලබ් වසන්ත මිය ගොස් ඇතැයි දැනගෙන ඇත්තේ ඊයේ දිනයේ දී බව ආරංචි මාර්ග සඳහන් කළේය
විජේවර්ධන මහත්මිය ප්‍රතිකාර ලැබුවේ කළුබෝවිල රෝහලේය.
COMMENTS
පොඩි අමාරුවටත් පෞද්ගලික රෝහල්වල ගිහින් විවේක ගත්තු මිනිස්සු. අවසානෙදි පිහිට උනේ රජයේ රෝහලක්. මොනව නමුත් මනුස්සයෙක් මැරුණට පස්සෙ ඒ මනුස්සයගෙ හොඳක් තියේනම් කියනව මිසක් වැරදි අඩුපාඩු කියන හොඳ මදි නිසා නිහඬ වෙනව. දැන්වත් ඔය තියෙන සල්ලිවලින් රටේ යහපතට වැඩක් කරන්න. ඔබතුමියගේ ස්වාමිපුරුෂයාගෙ ආත්මයට සැනසීමක් ලැබේවි. කන බොන දේවල් ඔයාල ගතකරපු සැපවත් ජීවිත සමාජ මාධ්‍යවල දාල නැති බැරි මිනිසුන්ගේ හදවත් පාරවන්න එපා.. අපිත් කනව බොනව තමයි ඔයාල තරම් නැති උනත්. අපි හම්බ කරල ලැබෙන දෙයින් පුළුවන් විදිහට ජීවිතේ විඳිනව. තමන්ට තියෙනව කියන එක ලෝකෙට පෙන්නගන්න එපා. නැති මිනිස්සු අසරණ වෙනව.
ෆේස් බූක් එකේ ලොකු ෂෝ එකක් පෙන්නුවට හැම තැනම කෝටි ගණන් ණයවෙලා බැංකුවලට කෝටි ගණන් පොලුතියලා එදා වේලවත් කන්න බැරි තත්වෙන් හිටපු නිසා පෞද්ගලික රෝහලට ගෙවන්නවත් ආර්ථික තත්වයක් තිබ්බේ නැහැ. දැන්වත් හැදෙන්න බලන්න
මේ මිහිපිට ජිවත්වන සියලුම මිනිස් ජනතාව ජිවත්වන පරිසර රටාව හුගක් වෙනස්.නමුත් කගෙත් ජිවිත එකයි.හඇමදෙම්ම ලේ පිපසෙන් බලන්න හොද මදි.කොහොම උනත් වසන්ත කියන්නෙ වරද හදාගෙන ජිවත් උන හොද මනුස්සයෙක්. හොදට පින්දහම් කරපු මනුස්සයෙක් ..ඒ පින එතුමට තියෙවි..
සමහර මිනිස්සු ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ හැබැයි මැති ඇමැතියෝ නම් ප්‍රකෝටිපති අය අපේ බදු මුදල් අවභාවිතා කරමින් සුර සැප විඳිමින් අසරණ මිනිසුන්ට එක වේලක් නෑ... දරුවන්ට මන්දපෝෂණය ලක්ෂ ගණනක් දරුවන්ට පොතපත බේත් නෑ තොපිට දඬුවම් සැත්තැම්බර් 21 වෙනිදා...
ඉස්සර වගේ නෙවෙයි, දැන් කාලේ නොවැදගත් අලුත් සල්ලිකාර රැල ඔවුන්ගේ ලොකුකම් ලෝකෙට පේන්වමින් රඟනවා. අලුතෙන් වාහනයක් ගත්තත් ලෝකෙට පෙන්වමින් ප්‍රදර්ශනය කරනවා. උගත්තු, හිඟන්නන් වෙලා මදාවි සල්ලිකාරයෝ වුණු රටක ඕවා ඉතින් සාමාන්‍ය දේවල්... දියුණු රටවල සැබෑ පෝසත්තු කොතරම් නිහතමානිද..? මට නම් සමහරකගේ විගඩම් බල්ලන්නත් අප්‍රසන්නයි..