IMG-LOGO

'කොෆි විත් කරන්' නැවතත්

2016-10-06-ent-55

චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, සිනමා නළුවෙකු මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වඩාත් ජනප්‍රිය කරන් ජෝහර්ගේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ පස්වැනි අදියරයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවන බව සඳහන්. ‘කොෆි විත් කරන්’ සිවුවැනි අදියරය පසුගිය වසරේ මුල් භාගයේදී නිමාවූ අතර, පසුව එම වැඩසටහන නවතා දමන්නට ප්‍රකට ‘ස්ටාර් වර්ල්ඩ්’ හා ‘ස්ටාර් ප්ලස්’ ඉන්දීය සැටලයිට් නාළිකා තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, මේ දිනවල නැවතත් එම වැඩසටහන ආරම්භ කරන්නට එම සැටලයිට් නාළිකා කටයුතු කර ඇති අතර, එහි රූපගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

කරන් පවසන්නේ, වර්තමානයේ බොලිවුඩ් සිනමාව තුළ නවකයන් බොහෝ පිරිසක් තරු බවට පත්ව සිටින නිසාවෙන් මෙම වැඩසටහන නැවතත් ආරම්භ කරන්නට තමන්ට අදහසක් පහළ වූ බවයි. ‘කොෆි විත් කරන්’ වැඩසටහන ලොවපුරා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රිය වූ වැඩසටහනක්.

 

 



අදහස් (0)

'කොෆි විත් කරන්' නැවතත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site