(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා පැවසීය.
මේ තත්වය නිසා විදේශීය දානපතීන්ගෙන්ද ඖෂධ ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අධ්‍යක්ෂවරයා ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද සඳහන් කළේය.
ඖෂධ ගණනාවක්ම විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බව විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර දිවයින පුරා රෝහල්වල ත්‍රිපෝෂවලද බරපතළ හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
තවද විජලනයෙන් වැළකීම සඳහා ලබා දෙන ජීවනිවලද හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති.
සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට රටේ ඖෂධ හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විදේශ විනිමය හිඟයයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්
D.P.P.Prasad Friday, 02 September 2022 01:26 PM
මේරට ඉන්නා ඉතා දිලිදු කුඩා දරුවන්ට යම් අසීරු රෝග තත්වයක් ඇතිවුවහොත් ඒ සදහා ප්‍ර්‍රතිකාර ගැනීමට ලංකාවේ ඇති එකම රෝහල රිජ්වේ ආර්යා රෝහලයි. දැනට පවතින ආර්ථික අපහසුතාවයන් නොතකා ඇත ගම්දනව්වල සිටිනා දෙමව්පියන් තමන්ගේ කුඩා දරුවන්ගේ යම් යම් සංකීර්ණ රෝගි තත්ත්වයන් සදහා ප්‍රතිකාර ගැනිමට මෙම රෝහල කරා නිතර පැමිනෙයි. මෙම රොහල නගා සිටුවා නියමිත පරිදි පවත්වාගෙන යෑමට සියළු ලාංකිකයන්ගෙ මුල්‍යමය දායකත්වය හා වෙනත් ආකාරයට ලබාදියහැකි ආධාර උපකාර ලබාදිම මහගු පුන්‍යකර්මයකි