
(යොහාන් භාසුර)
කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය ලෙස හඳුන්වන ගබඩා සංකීර්ණය අසල බහලුමක් තුළ අද (30) රාත්‍රී ගින්නක් ඇතිවීමෙන් එම බහලුමේ තිබූ භාණ්ඩ ගිනිගෙන දැවී විනාශයට පත් වූ බව වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
බණ්ඩාරනායක තටාක ගබඩාවට බහලුමකින් භාණ්ඩ බාමින් තිබියදී එම බහලුම තුළ රාත්‍රී 7.30 ට පමණ ගින්නක් හට ගෙන ඇති බවත් ඉතාමත් සුළු කාලයකදී ගින්න පුරා පැතිර ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
රාත්‍රී 10.00 පමණ වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට නොහැකි තත්වයක පත්ව තිබූ බවත් වරාය ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමට සමත්ව සිටි බවත් එම නිලධාරියා සඳහන් කළේය.
එම බහලුම තුල අන්තරාදායක ද්‍රව්‍ය ඇතුළත්ව ඇති බවට දැනුම් දී නොමැතිව බවත් ගින්න පිළිබඳව සහ ඉන් සිදුවූ හානිය පිළිබඳව වරාය අධිකාරිය විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ වරායේ බහලුමක ගින්නක්
Deepthi de Silva Friday, 31 January 2025 02:13 AM
බොහෝ දේ හදිසියේ ගිණි ගැනීමට පටන් ගෙන ඇත.
Alfread Friday, 31 January 2025 08:10 AM
හිතාගන්න පුළුවන් නේද? අර පන්නපු කන්ටේනර් 370 තිබුණු ඒවා මොනවගේ ඒවාද කියලා. ඊළඟ පාස්කුවේදී ගෙදර ඉඳපල්ලා. කෝකටත් හොඳයිනේ. කෝ අගරදගුරු උතුමානෝ..?
Udugampola Friday, 31 January 2025 08:20 AM
ඕක ඇතුලේ තිබුණේ ලාම්පුතෙල් කියලා හිත හදා ගනිල්ලා මෝඩ සිංහල හැත්ත. අර ඇමැතියා කියපු එක ඇත්ත. මේ රටේ අය පොල් සම්බල්, කිරි හොදි කන්නේ අපරාදේ... පුන්නක්කු තමයි දෙන්න ඕනෑ.