IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ කුණු අස්කරන්න දින 3 ක් කල්දෙයි

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළි කසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැතිධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා බස්නාහිර මහඇමැති දේවප්‍රිය මහතා පෙරේදා (17) උදේ ජනාධිපති නිල නිවසට කැඳවා මේ බව දැනුම් දී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ නගරයේ හා තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමැතිවරයාට තදින් දොස් පවරා ඇතැයි ද වාර්තා වේ.

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවැති හදිසි රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ඡාවට මහ ඇමැතිවරයා සහභාගි නොවූ බව ද දැන ගැනීමට ඇත.

මේ අතර කොළඹ නගර සභාවේ කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට බාරදිය යුතු වූවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබා දී ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබා දී ඇති බව ද වාර්තා වේ.

 



අදහස් (19)

කොළඹ කුණු අස්කරන්න දින 3 ක් කල්දෙයි

නුමා Monday, 19 June 2017 05:27 AM

ඔන්න ඔය වගේ අනිත් දේවල් වලටත් මඩු වලිගෙ අතට ගන්නවා නම් හරි. අනේ මන්දා මන්ත්‍රීතුමන්ලා මොනවත් කරන්නේ නැහැ. ජනාධිපති හෝ අගමැතිම කියන්න ඕනේ. මොකට 223ක් පාර්ලිමේන්තුවේ ඉන්නවද මන්දා... තමන්ට වාසි ලැබෙන දෙයකට නම් ක්ෂණිකව උපදෙස් දෙන්න ක්‍රියාත්මක වෙන්න දන්නවා. නැත්නම් බකමුණෝ වගේ ඉන්නවා. මොකටද ඔහොම පාලකයෝ. මිනිසුන්ගේ වැරැද්ද හැමදාම තමන්ට මොනවා හරි ලැබේ කියලා පත් කරලා අරිනවා. සමාජයට පාලකයින් යහපතක් කරනකොට තමන්ටත් ඉබේම වාසි සැලසෙනවා කියල හිතන්නේ නැහැ. ආත්මාර්ථකාමී බවෙන් පිරිලා. අතීත ශ්‍රී විභුතියයි... පරාර්ථකාමී කියලා පුරසාරම් දොඩවන්න නම් පුළුවන්....

:       0       51

Luse Monday, 19 June 2017 05:42 AM

අද ලංකාවම කුණුවෙලා ඉවරයි...

:       0       5

රූපසිංහ Monday, 19 June 2017 05:44 AM

අපි හැමෝම දන්නවා කොළඹ කුණු.... කලින් ඉවත් කලේ මහා නගර සහාවෙන්.... පසුව එය වෙනත් බහුජාතික සමාගමට පවරා තිබූ බව තමයි කියන්නේ....

:       0       1

Banda Monday, 19 June 2017 05:52 AM

කුණු ගොඩ ගැහිලා මදිවට දැන් පාරවල් අතුගාන එකත් නැවතිලා ...

:       0       28

sachith Monday, 19 June 2017 05:55 AM

ඔට්ටුයි, ඔය 2න් එකක්වත් වෙන්නේ නෑ...

:       0       182

wasantha Monday, 19 June 2017 05:58 AM

මහඇමතිතුමා මොනවද කරන්නේ? ජනාධිපතිතුමනි, නිවැරදි පුද්ගලයෙක් ඔය තනතුරට පත් කරමු.

:       0       118

dias Monday, 19 June 2017 06:33 AM

ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි කුණු ප්‍රතිචක්‍රීය විදේශ සමාගම් සහභාගි කරවාගෙන කරන්න. මෙයට ස්ථිර විසඳුමක් අවශ්‍යයි.

:       0       174

dias Monday, 19 June 2017 06:33 AM

ස්ථිර විසඳුමක් කඩිනමින් අවශයි. නිසිලෙස ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි...

:       0       2

susantha Monday, 19 June 2017 06:59 AM

සුළඟටත් වැනේ, සෑහෙන්න තදින් බනින්න ඇති !!!

:       156       221

chandana Monday, 19 June 2017 07:02 AM

ඔය අරන් තියෙන්නේ මඩු වලිගෙ. ජනාදිපතිතුමනි, මීටත් වැඩිය දරුණු තීරණ අරන් රට හදන්න. මිනිස්සුන්ගේ විනය හදන්න තීරණ ටිකක් ගන්න...

:       91       280

sunil Monday, 19 June 2017 07:09 AM

එතුමාලා වැඩේට ජර්මන්, රුසියන් කොම්පැනි හොයාගන්න කල් ටිකක් ඉවසන්න. පාරේ කුණු වලටත් ජනාධිපතිතුමාට කතා කරන්න වෙලා තියෙනවා නම් අනේ අපේ රටටත් ගිය කලක හැටි...

:       0       90

Saumya Monday, 19 June 2017 07:13 AM

කුණුවලට යටවුණ, ගංවතුරට ගසාගෙන ගිය, මැසි මදුරු වන්ගෙන් ලෙඩ වුණ "වෙනසකට දුන්" අපේ ඡන්දේ.....!!!

:       32       279

Senarath Monday, 19 June 2017 07:18 AM

අනේ මෙහෙම ආණ්ඩුවක්. කතාව නම් දෝලාවෙන් , ඒ වුණාට ගමන පයිනුත් නෙමෙයි. රිවර්ස් එකේ. කුණු ටික අස්කරගන්නා බැරිව මුළු ආණ්ඩුවම කුණු වලේ වැටිලා . තව ලොකු වැඩක් කරන්න පටන්ගත්තනම් කොහොමද? හොද වෙලාවට 2005 දී මෙයාලා නොසිටියේ , එහෙම වුණානම් යුද්ධේ කරන්නේ බටහිර තානාපතිලා ටික....

:       276       221

anura Monday, 19 June 2017 07:27 AM

පොඩි කාලෙදි ඉස්කෝලේ ලකුණු අඩු වුණාමත් වැඩි හිටියෝ ඉස්සර ඔය වගේ තර්ජනය කරනවා.

:       0       47

ප්‍රසාද් මුතුකුඩ Monday, 19 June 2017 07:55 AM

ජනාධිපතිතුමා ඔන්න ඹහොම තදින් ඉන්න ඉතුරු කට්ටියත් ඉබේම හැදේවි.... !!!

:       126       238

Indrajith Monday, 19 June 2017 08:12 AM

බලමු..., බලමු විසිවැනිදාට පෙර මේ මහඇමතිතුමා කුණුගොඩවල් සියල්ල ඉවත් කරවනවද කියලා? විසිඑක් වැනිදාට අපේ ජනාධිපතිතුමා කිසි සැකයක් නැතිව එතුමාව අස්කරලා තියේවි වැඩේ අවසන්කරලා නැත්නම්. ජනාධිපතිතුමා කිව්වොත් කිව්වාමයි....

:       0       52

sisira Paris Monday, 19 June 2017 08:22 AM

ජනාධිපතිතුමාට කුණු ගොඩවල් බලන්න වෙලා. මේ කුඩා රටේ දැවැන්ත පරිපාලන ව්‍යුහයක් තිබිලත් මේක කරගන්න බෑ. එහෙනම් කුණු ඇමති කෙනෙක් පත්කරන්න වෙයි. එහෙමත් නැත්නම් මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කරන්න... මොකද එයාලට හොඳට කුණු කාල පුරුදුයි...

:       200       2

නුමාTuesday, 20 June 2017 01:26 AM

ඇත්තටම, අර කලින් සිනි වලටත් ඇමති කෙනෙක් හිටිය එකේ, අනිවාර්යයෙන් කළමනාකරණය කල යුතු කුණු වලට ඇමති කෙනෙක් දැම්මහම මොකද.

:       0       1

sachith Thursday, 22 June 2017 06:12 AM

දවස් 4ක්ම ගියා, දැන් ඔය 2න් කෝකද වුණේ? බොරුවට මිනිස්සුන්ව රවටනවා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site