
(අංජුල මහික වීරරත්න)
කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය.
පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ මූලික අරමුණින් උදෑසන හා හවස් කාලයේ මෙලෙස එළකිරි බෙදාහැරීම සිදු කරයි.
නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාවේ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබෙන බවද 0117 173984 දුරකථන අංකයට අමතා දියර එළකිරි ඇනවුම් කිරීමට හැකි බවද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.
කොළඹ නගර සීමාව හා අවට ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇනවුම් බාරදීමට කටයුතු යොදා ඇති බව සිරිල් මහතා කීය.
නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී මෙහි ආරම්භක අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ඉදිරියේ දී දියර කිරි බෙදාහැරීම කොළඹින් පිය ප්‍රදේශවලටත් ප්‍රචලිත කිරීමට තීරණය කර තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹට කිරි
Shiraz Monday, 11 September 2023 02:46 PM
කිරිදෙන්නෙ නිකන්ද?
Harini Monday, 11 September 2023 03:09 PM
හරිම සාධාරණයි... සියලුම පහසුකම් කොළඹට දෙන්න.
සල්ලි Tuesday, 12 September 2023 07:24 AM
කොළඹට කිරි ගමට කැකිරි, හරි ශෝක් ගොන් වස්සා කෙට්ටු වෙලා ටිකක් .