(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කහ උණ සඳහා පාවිච්චි කෙරෙන එන්නත් 2000 ක් මේ සතියේ මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
මෙම එන්නත් මිලදී ගනු ලැබූවේ යුනිසෙෆ් සංවිධානය මාර්ගයෙන් බවද ඔහු සඳහන් කළේය. කහ උණ එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියළු දෙනා මෙම එන්නත ලබා ගැනීම අනිවාර්යය වේ. එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බව සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසෙයි. මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදීද පසුගියදා සාකච්ඡාවට ලක්විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.