
(රන්ජන් කටුගම්පොල)
මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබාදෙනවාද නැද්ද ය න්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 4වැනි වරටත් අභියාචනාධිකරණය කල්තැබුවේය.
මේ අනුව මෙම තීන්දුව ඔක්තෝම්බර් 3 වෙනි දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේ ය.
අභියානාධිකරණය මෙම දැනුම්දීම සිදු කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනුකොට තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනා ධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට දෙන්න ඕනේ ඇප නෙමෙයි දෙකයි දෙකේ පොල්ලකින්
සෑම බන්ධනාගාරයක් ඉදිරිපිට මල් ශාලාවක් ඇත... .ෙෙවයධම්මා සංඛාර...