IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්

(සිරංගිකා ලොකුකරවිට)

පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යා

ලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය - 2016“ වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1 ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයයි. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ථ අදාල වයස් කාණ්ඩයෙන් සියයට 1.12 ක් කිසි දිනක පාසල් ගොස් නැත.

සමීක්ෂණ වාර්තාවට අනුව කිසි දිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394 ක්. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18ක් වනවා.

සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර වයස අවුරුදු 12 - 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වනවා. වයස අවුරුදු 15 – 17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බව ද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතර. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලියි.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

එමෙන් ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමු වීම, දරුවන් නිවාසගත වීම, විවිද අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයාම කෙරෙහි බලපාන බව ද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙයි.

අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූළික අයිතිවාසිකමක් ව තිබිය දී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකන් පෙන්වාදෙයි. 



අදහස් (8)

කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්

chandra Thursday, 08 June 2017 05:49 AM

අපි තව ටැබ් බෙදමු ඇමතිතුමෝ !!!

:       33       67

ravin Thursday, 08 June 2017 08:35 AM

පහුගිය කාලේ අධ්‍යාපනය භාරව හිටිය මහා උගතුන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ට පින්සිද්ධ වෙන්නැති මෙච්චර නුගත් ළමයි ප්‍රමාණයක් ලංකාවේ ඉන්නේ....

:       188       56

saman Thursday, 08 June 2017 09:48 AM

අර දියවන්නාව පැත්තේ ගියානම් තව ටිකක් හොයාගන්න පුළුවනි.... අඩුම තරමින් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ නොවුණ කට්ටිය...

:       1       27

පියල් Thursday, 08 June 2017 11:31 AM

අවුරුදු 5 සිට 6 දක්වා කිසිදා පාසල් නොගිය ගණයට ගැනීම එතරම් යෝග්‍ය නොවේ.

:       1       3

lalith Thursday, 08 June 2017 01:21 PM

ඇයි මෙච්චරකල් උදේ, හවස පාර්ලිමේන්තුවේදී එකට ඉඳලා කතාබහ කරලත් ඔහොම කට්ටිය රටේ ඉන්න බව තේරුණේ නැතිද?

:       0       3

vidya Thursday, 08 June 2017 04:01 PM

ඔය එස්. බී. දිසානායක මහත්තයා වගේ උදවිය මොනවද කරලා තියෙන්නේ?

:       0       3

Appuhami Thursday, 08 June 2017 07:55 PM

දේශපාලනයට එන්න තියෙන එකම සුදුසුකම පාසල් නොයා සිටීමයි. තව අවුරුදු 20කින් විතර බලන්න පුළුවන් ඔය ළමයි ලොකු වෙලා පාර්ලිමේන්තු එන්නේ නැද්ද කියලා!!

:       0       0

Shanaka Friday, 09 June 2017 05:05 AM

තව එහෙම කට්ටියක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site