
(ගයාන් සූරියආරච්චි, ආනන්ද ඊ ජයකොඩි සහ තිලකරත්න දිසානායක)
යක්කල, කොස්කදවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට අද (23) වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් පසුව බරපතළ තුවාල ලබා පාරේ වැටී සිටි පුද්ගලයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එම පුද්ගලයාට විනෝද චාරිකාවක් යෑම සදහා දුරකතන ඇමතුමක් ලබාදී යක්කල කොස්කදවල ප්‍රදේශයට ගෙන්වාගෙන ඇති අතර ඔහු බස්රථයෙන් බැස යන විට මෙම වෙඩි තැබීම සිදුකර ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇත.
වීරගුල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකළහ
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි වීරගුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොස්කදවල වෙඩි තැබීමක්
saman Monday, 23 December 2024 06:49 PM
අපරාධවලට වගකිවයුතු සිරගතව සිටි පුද්ගලයින් නිදහස් කිරීමෙන් පසු නැවත රට තුළ මිනීමැරුම් වැඩි වී ඇත...
Srinath priyantha karunarathna Monday, 23 December 2024 09:29 PM
අපිට දුකයි අපේ ආණ්ඩුවත් පාතාලයට යටවෙලාද කියලා...