
(අංජුල මහික වීරරත්න)
කිව්.ආර් ගෙවීම් පද්ධතිය රට විශාල පිම්මකින් ඉදිරියට යාමක් විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවසීය.
කිව්.ආර් ගෙවීම් ක්‍රමවේදය සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ හේතුව පිළිබඳව සොයා බලා ඒ අනුව විශේෂ ක්‍රමවේද දෙකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන බවද මහා බැංකු අධිපතිවරයා කීය.
මහා බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට අද (06) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මහා බැංකු අධිපතිවරයා මෙසේද කීය.
"පළමුවෙනි කරුණ වන්නේ රු. 5000ට අඩු ගෙවීම් සඳහා කිසිම වියදමක් නොකර ගනුදෙනු කිරීමේ හැකියාවයි. ඒ වෙනුවෙන්, යම්කිසි ආකාරයක වියදම දරා ගැනීමට එකඟ වීම පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය සහ Lanka Pay ආයතනවලට මගේ ස්තූතිය පිරිනමනවා.
දෙවෙනි කරුණ තමයි, P to P පුද්ගලානුබද්ධ ගනුදෙනු. විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල මෙය වඩාත් ප්‍රචලිත වීමට හේතුව වන්නේ පාරිභෝගිකයා මෙම ගනුදෙනුව සඳහා වෙළෙඳසැලට අනිවාර්යයෙන් යා යුතු වන්නේ නැහැ. බොහෝ විට විශාල ප්‍රමාණයක් ගනුදෙනු කෙරෙන්නේ පුද්ගලයන් අතරයි. මෙවර සිදු කරන වඩාත් වැදගත්ම වෙනස මෙයයි. මුදල් භාවිත නොකර QR එක මුද්‍රණය කර ගෙන ළඟ තබා ගැනීමෙන් ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදී තම ගනුදෙනු කළ හැකි වෙනවා යනුවෙන්ද නන්දලාල් වීරසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවට පැහැදිලිව පෙනෙන ලෙස ඉදිරිපත් කල යුතුයි.මුදල් ගෙවන්නන් ගෙන් යම් මුදලක් අය කරන ක්‍රම ජනතාව ප්‍රතික්ෂේප කරනව. කුඩා වෙලඳසැල් අතර කාඩ්පත් ගෙවීම් ප්‍රචලිත වීම අඩු ඒක නේද?
වංචාකරුවන් තමන්ගේම QR කේත සංදර්ශකවල අලවනවා. මේ ගැනත් අනතුරු ඇඟවීම හොඳයි.