ගම්පහ බැලුම්මහර කතුරුවත්තේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කන්නට ආ පිරිසක් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කොල්ලකරුවන්ගේ පහර කෑමට ලක්වූ ව්‍යාපාරිකයා ද රෝහල් ගත කරනු ලැබීය.
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයා අද (25) සවස 7.30ට පමණ නිවසට පැමිණ ඇති බවත්, ඔහු නිවසේ ප්‍රධාන ගේට්ටුව අසළට එද්දී කොල්ලකරුවන් අල්ලාගෙන ඇති බවත්, ඉන් පසු නිවසට ගෙන ගොස් රන් බඩු හා මුදල් සොයා ඇති බවත් පොලිසිය කියයි.
ව්‍යාපාරිකයාගේ බිරිඳගේ ගෙළ බැඳි රන් මාලය කඩා ගත් කොල්ලකරුවන්ට නිවසේ තිබී කුඩා සේප්පුවක් හමුවී ඇති බව ද, එහි යතුර දෙන්නැයි ව්‍යාපාරිකයාට පහර දී ඇති බව ද, කොල්ලකරුවන්ගෙන් මිදී පළා ගිය ව්‍යාපාරිකයාගේ දරුවකුගේ කෑ ගැසීමට අසල්වාසීන් කිහිප දෙනකු පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
කළබලවූ කොල්ලකරුවන් වෙඩි තබා රුපියල් ලක්ෂයක් පමණ හා ව්‍යාපාරිකයාගේ කාර් රථයේ යතුර පැහැරගෙන පළා ගොස් ඇත. වෙඩි තැබීමෙන් අසල්වාසියකු වන ලක්ෂ්මන් රණවීර (50) තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය.
සිද්ධිය සැලවීමත් සමඟ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බද්‍රා කාලිංග සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ විමර්ශන ආරම්භ කළහ.
කොල්ලයට සැකකරුවන් පස් දෙනකු පමණ රතු පැහැති කාරයකින් පැමිණ ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොල්ලකරුවෝ වෙඩි තබා පළා යති
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 09:16 AM
අනේ අප්පේ මොකක්හරි අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න කියලයි මමත් ලැහැස්ති උනේ.මෙහෙම මහා දවල් කොල්ල කද්දී මොන බිස්නස්ද කියල හිතෙනවා ...(ස)
කුමාරි Wednesday, 26 November 2014 03:43 AM
ඇති ඔයින් ගියා (නි)