
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
එමෙන්ම ඝාතනය සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන වලට ලැබීම සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදුණු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව කරුණු සහ සටහන් කරගත් බව ද පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 04
127
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි
Surain Tuesday, 06 August 2024 11:27 AM
උගත් යයි හදුන්වන වෛද්‍ය වෘර්තියත් කෙලසලා තියෙන්නෙ. කැතයි අසික්කිත.යි වහා නීතිය ක්‍රියාත්මක කරන්න
ජනරළ Tuesday, 06 August 2024 11:49 AM
ඉස්සර කාලයේත් සමහර විකුර්ති මානසික තත්වයෙන් යුතු වෛද්‍ය සිසුන් මියගිය තරුණියන්ගේ දේහයන් සමග නොයෙකුත් උසුළු විසුළු වැඩ කරන බව මතයක් තියෙනවා. නමුත් යම් හෙයකින් රුප ගතකර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට එවැනි සිසුන් සම්බන්ධ නම් එය හිප්‍රෝක්‍රටිස් සම්මුතිය අමු අමුවේ බිඳ දැමීමකි. ඔවුනට තරා තිරම නොබලා දඬුවම් ලැබිය යුතුය. ශිෂ්‍ය භාවය පවා අහෝසි කල යුතුයි. කැත ගති තියෙන වෛද්‍ය වරුන්ගෙන් සමාජයට යහපතක් නැත.
pakeer Tuesday, 06 August 2024 01:15 PM
වැඩේ කැතයි .හැබැයි හැමෝම දැනගන්න ඕනේ මලාට පස්සේඔක්කොම කෙලි ඉවරයි කියලා .ඒක නිසා ඉන්නකම් සාමාන්‍ය විදිහටහොඳින් හිටපල්ලා .නිකම් මිනිස්සුන්ට විහිළුවක් පිළිලයක් වෙන්නේ නැතුව
Raman Tuesday, 06 August 2024 05:28 PM
මැරුණු කෙනාගේ ක්‍රියාකලාපය නෙවෙයි මේ ප්‍රශ්නයට අදාල වෙන්නේ. මහලොකු වෛද්‍ය සිසුන් කියාගන්නා අයගේ ක්‍රියාකලාපය ගැනයි කතා කරන්න ඕනෑ. මොවුන් කවදාහරි කරුමෙටවත් දොස්තරලා වුණොත් පණ පිටින් ඉන්න අයටත් ඔය වගේ දේවල් තමයි කරන්නේ. තාම කොල්ලෝ කෙල්ලෝ කියලා කියන්න එපා. හැමෝම නොවෙයි ඒත් බොහෝමයක් වෛද්‍ය සංහතියම හැදිලා තියෙන්නේ... අධි මානසිකත්ව තත්වය උඩ. අන්න ඒ වගේ අය වෙන්න පුළුවන් මේ දේ කරපු අයත්. ඒ වගේම මළ සිරුරු සම්බන්ධවත් නීති රීති තිබෙනවා. මොවුන්ට සියලු ක්‍රමවලට දඬුවම් දෙන්න ඕනෑ අනික් එවුනුත් හැදෙන්න...!
Sagala Tuesday, 06 August 2024 02:20 PM
රනිල්නෙ ජනාධිපති. ඉතින් පිරිමින්ගේ නිරුවත් ඡායාරූප ලීක්වෙන වටපිටාවක් නිර්මාණය වෙන එක අහන්නත් දෙයක්ද?
CK.Lankaputhra Tuesday, 06 August 2024 02:24 PM
එතකොට පොලිස්පතිගේ චක්‍රලේඛයට පටහැනිව සාක්කි කාරයෙක් පොලිසියට ගෙනල්ලා සාක්කි යටපත් කරන්න මාධ්‍ය සංදර්ශන පැවැත්වපු නිලධාරියාට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියල රටට වහාම හෙළි කරන්න.
Jayasekara Tuesday, 06 August 2024 02:25 PM
අපේ සමාජ මතයක් තියනවා.... වෛද්‍යවරුන් කියන්නේ හරියට සියලු කෙලෙසුන් නසාපු බොහොම උගත් ඒවගේම හරිම නිවුනු සමාජ තලයක ඉහළින්ම ඉන්න අය කියලා.... ඒක නිකන් බොරු මතයක් විතරයි.....උගත්කමත් එක්ක තියන ඕ මනුස්සකම.... එක නැත්නම් කොතරම් ඉහළ වෛද්‍ය උපාධි ගත්තාත් වැඩක් නෑ...
රම්සි Tuesday, 06 August 2024 03:31 PM
හරියට ඔප්පුවෙලත් නැහැ. ඒත් වෛද්‍ය සිසුන්ට බනින්න කට්ටිය ඉක්මන් වෙලා. කුහක කමක මහත.
Prabha Tuesday, 06 August 2024 04:57 PM
සමාජයම කුණුවෙලා තියෙද්දී වෛද්‍ය සිසුන්ගෙන් පමණක් වෙනත් දෙයක් බලාපොරොත්තු වන අපි...
Bra Tuesday, 06 August 2024 06:23 PM
මෙයාගේ නිරුවත අමුතුවෙන් දාන්න දෙයක් නැහැ...
ගමේ එකාලා Tuesday, 06 August 2024 08:24 PM
මළ මිනියටත් නිගරු කරන මිනිසුන් කොයිතරම් පහත් මානසික විකෘතියෙන් ඉන්න අය වෙන්ඩ ඕනේද?
sadun Wednesday, 07 August 2024 03:43 AM
අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි, වඩා හොඳ වටිනාකම් ඇති කිරීමට.