IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සගයාට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත්  ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ  ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කළාය.

එහෙත් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 12 වන දින මහර අධිකරණයෙහි පවතින නඩු කටයුත්තක් නිසාවෙන් සැකකරුවන් දෙදෙනා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කරන ලදී


මෙම සැකකරුවන් දෙදෙනා අද (10) දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට මුහුණ දුන් අතර එහි සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරීන් පස් දෙනෙකු පෙනී සිටින ලදී. 

ඉන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හතරවන විත්තිකරු වන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තා හදුනා ගැනීමට සමත් වූ අතර පස්වන සැකකරැ වන කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක යන සැකකරැ කිසිදු සාක්ෂිකරුවකු විසින් හදනා ගැනීමට අසමත් විය

මෙලෙස ඇප මත මුදා හරින  ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයෙනු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ

මේ සම්බන්ධ ඉදිරි ඉදිරි නඩු කටයුතු අප්‍රියෙල් මස 25 දින දක්වා කල් තැබිණි

විත්තිකරුවන් වෙනුවෙන්  නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ඩිල්ෂාන් ඇතුළු  නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදී



අදහස් (0)

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සගයාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 839 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site