කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ 7 වැනි ශාඛාව අද උදෑසන 10 ට රයියාන් හිදී විවෘත වීමට නියමිතය. මෙම අවස්ථාවට රාජකීය පවුලේ සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විවිධ රටවල නිලධාරීන්, කටාර් ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගි වීමට නියමිතය.
“රයියාන් හි කොලිටි ගෲප් සුපිරි වෙළෙඳ සංකීර්ණය හරහා කටාර් හි ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුවපහසු සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. රයියාන් ශාඛාවේ අති නවීන නිමාව, එය පිහිටි ස්ථානය වගේම වාහන නැවැත්වීම සඳහා වැඩි ඉඩකඩක් තිබීම යන පහසුකම් නිසා එය ගනුදෙනුකරුවන්ට වඩාත් මතකයේ රැඳෙන අත්දැකීමක් වේවි” නව ශාඛාව පිලිබඳව දැනුම් දීමට සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් ඔලාකාර මහතා පැවැසීය.
“අපි කටාර් හි අපේ පළමුවැනි සුපිරි වෙළෙඳ සංකීර්ණය ආරම්භ කළේ 2010 වසරේ ජූලි මාසයේදීයි. එදා සිට අද වන තෙක් අපි අපේ ප්‍රමුඛතාවයන් වෙනස් කළේ නැහැ. අපි හැම වෙලාවෙම අපේ ව්‍යාපාරය පුළුල් කළ හැකි මාර්ග ගැන සැළකිල්ලක් දැක්වූවා.
ඒ නිසා තමයි අද අපි අපේ 7 වැනි ශාඛාව රයියාන් හි විවෘත කරන්නේ” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.