IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කීරි සම්බා රටින් ගේන්න වුනොත් ගේනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

යම් කෙටි කලක් සඳහා කීරි සම්බා ආදේශන සහල් ආනයනය කරන්න වුනොත් එය කරන්නට සිදු වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ සියයට 18 ක් විතර පරිභෝජනයට ගන්නේ කීරි සම්බා. නමුත් නිෂ්පාදනයේ තියෙන්නේ සියයට 15ක් විතරයි. සීයට හතරක විතර හිඟයක් තිබෙනවා. ඒ වෙළඳපොළ හිඟය පාවිච්චි කර මහ මෝල් හිමියන් විසින් යම් පාලනයක් මිල වැඩි කිරීමක් කරන්න හදනවා. එම වී වගා කිරීම වැඩි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශය උපදෙස් දී තිබෙනවා යනුවෙන්ද වසන්ත සමරසිං මහතා කීය.



අදහස් (7)

කීරි සම්බා රටින් ගේන්න වුනොත් ගේනවා

පාඨකයෙක් Thursday, 09 October 2025 04:47 PM

කීරි සම්බා වැනි සුදු සහල් වර්ග වෙනුවට පෝෂණය අතින් ඉහළ රතු කැකුලු සහ වෙනත් දේශීය සහල් නිෂ්පාදනයටත්, පරිභෝජනයටත් වහා අවධානය යොමු කළ යුතුයි. එය මෙරට ජනතාව තව තවත් දියවැඩියා රෝගයට ගොදුරු වීම වැලැක්වීමටත්, ඔවුන්ගේ සමස්ත පෝෂණ තත්ත්වය වර්ධනය කර ගැනීමටත් ආධාර වනු ඇත. රතු සහල් වර්ගවලට ඇමරිකාවේ පවා ඉල්ලුමක් තිබේ. දැනට ඇමරිකාවට වැඩියෙන්ම රතු සහල් ආනයනය කෙරෙන්නේ භූතානයෙනි.

:       0       7

ගුණරත්න Thursday, 09 October 2025 05:33 PM

සම්පූර්ණ බලය එක්ක අවුරුද්දක් පාලනය කරලා, කන්න දෙකක් වගා කරලත් බැරි නම් බැහැම තමයි. පොරොන්දු වුනේ නම් පැය 24න් වැඩ කරලා පෙන්වනවා කියලා. දැන් තර්ජනය කරනවා ඔබලා මට්ටු කරන්න අපි හාල් රටින් ගෙනෙනවා කියලා. ඔන්න කරපු වැඩ!

:       6       23

de silva Thursday, 09 October 2025 05:34 PM

නිකන් කියව කියව ඉන්නේ නැතුව ඕඩර් කරන්න. ලංකාවේ කීරි සම්බා හංගලා...

:       2       16

Loki Thursday, 09 October 2025 07:45 PM

පිටරටින් ගෙන්වන පොන්නි කීරි සම්බා අපේ කීරි සම්බා වලට ආදේශකයක් නෙවෙයි. ඒක මහ ජරාවක්. කයිවාරු ගහපු විදිහට අපේ රටේ හාල් අපිට දීපන් හාල් නැතුවා නොවෙයි... තියෙනවා. කීරි සම්බා පාලන මිල වැඩි කරලා බලපන්. ඔබලා නෑ කියන හාල් ඩඩ්ලිලා එළියට දාන හැටි එතකොට බලන්න පුළුවන්... මේවා උඹලා ඩඩ්ලිලාට ඕනේ විදිහට ගහන ගේම් කියලා ජනතාව දන්නවා...

:       1       8

කසුන් Friday, 10 October 2025 09:50 AM

රටින් හාල් ගෙන්න ආන්ඩු මොකටද

:       2       7

Neel Friday, 10 October 2025 09:51 AM

නිමෝදි කියන දෙයක් තමයි වෙන්නේ.

:       0       3

අරවින්ද මොණරවිල Friday, 10 October 2025 10:57 AM

රටින් හාල් ගෙන්වනවා කිව්වාම බයියන්ට මල පනිනවා, ඒ තෙල් පෝලිම් ගෑස් පෝලිම් හො කිරි පිටි පෝලිම් නැති රටේ හාල් පෝලිමක් වත් බලාගන්න තියෙන අවිහිංසක බයි ආසාව නිසා වෙන්න ඇති.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site