IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කිරි මුදවීම නවත්වයි

 

(අංජුල මහික වීරරත්න)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින්  මුදවන ලද කිරි  නිපදවීම නවත්වා දියර කිරි, පිටි කිරි ඇතුළු කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා  ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙි.

සමාගම් දෙකට ලැබෙන කිරි ප්‍රමාණය අඩු වී ඇති හෙයින් ද කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා ඇති බැවින් ද මුදවපු කිරි නිපදවීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලෙසත්, ඒ වෙනුවට කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දුන්  උපදෙස් වල සඳහන්ය.

 දැනට රටෙි පවතින සත්ව ආහාර හිඟය හේතුවෙන්  දියර කිරි නිෂ්පාදනය සියයට 34කින් පමණ පහත වැටී ඇති නිසා  සමාගම් දෙකට දෛනිකව ලැබෙන දියර කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දැනට NLDB හා මිල්කෝ සමාගම් දෙක  කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිපදවන අතර  පිටිකිරි,  දියර කිරි, චීස්, බටර්, මුදවපු කිරි හා රස කළ දියර කිරි හා අයිස්ක්‍රීම්  ද ඒ අතර ප්‍රධාන වේ.

මුදවපු කිරි නිපදවීම ගෘහ කර්මාන්තයක් වශයෙන් පවතින හෙයින් රටට අවශ්‍ය තරම් මුදවපු කිරි  පවතින බවත් වෙළෙපොළේ කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනවල හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අදාල සමාගම් දෙකට උපදෙස් දුන්නේය.

ජාතික පශු සම්පත් මණ්ඩලය හා මිල්කෝ සමාගම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව දැනුම් දුන්නේය.



අදහස් (4)

කිරි මුදවීම නවත්වයි

දිසා....ගම්පහ. Sunday, 28 August 2022 11:15 AM

අමාත්‍යතුමාගේ හොඳ තීරණයක්... හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගත යුතුයි...

:       0       65

බන්දුල ද silva Sunday, 28 August 2022 11:40 AM

මෙහි සඳහන් වියයුත්තේ 'එළකිරි' මුදවීම නැවත වියයුතු බවයි! එළකිරිත්, මී කිරිත් අතර වෙනසක් ඇති නිසා..! එළකිරි මුදවීමට එයට ජෙලටීන්, මුසුකළ යුතුයි...! එනමුත් මීකිරි සඳහා එසේ කිරීමට අවශ්‍ය නැත.! එළකිරි මුදවා වෙළඳ පලට ගැනීම මෑත කාලයකදී පටන් ගත් දෙයකි..! මෙය පැහැදිලි ලෙස සඳහන් කළයුතුයි..! කිසිදාක මීකිරි නිපදවන්නන් ප්ලාස්ටික් බඳුන්වල මීකිරි අසුරන්නේ නැත! අනෙක එළකිරි මුදවීම සඳහා යොදාගන්නා ජෙලටීන් වර්ගය ෆුඩ් ග්‍රේඩ්දැයි සොයා බැලිය යුතුයි.!

:       1       76

චන්දන Sunday, 28 August 2022 03:23 PM

හයිලන්ඩ්, පැලවත්ත දෙකම කරන්නේ යෝගට් හදන එක. අන්න එතැනට පිළියම් යොදන්න...

:       1       50

chandima Monday, 29 August 2022 06:35 PM

මහාපරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් කිරි වෙළදාම කරන කට්ටියට ඒක කරගන්න ඉඩහැරලා ඇමැතියා පැත්තකට වෙලා සිටියානම් ඉවරයිනේ... අවශ්‍ය නම් ලොකු කම්පැණිකාරයින් වැඩි මිලට කිරි අරගනියි. නැතිනම් කිරි පට්ටි පටන් ගනියි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site