
(යොහාන් භාසුර)
යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම මෝටර් රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වැනිදා සොරකම් කර ඇති බව කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියකු වෙනත් පුද්ගලයකු යොදවා රථය සොරකම් කර ඇති බව ද සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 07 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය.
කෑලිකර තිබූ කාර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගත් බව කී පොලිසිය පැවසුවේ සැකකරුවන් අද (8) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලා
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 10:20 PM
මේ මස් කරන වාහනවල කොටස් විකුණා වැඩි ලාභයක් ලබන්නේ පංචිකාවත්තේ හා රී කන්ඩිෂන් මෝටර් ස්පෙයා පාට්ස් විකුණන වෙළෙන්දන්.මෙන්න මේ ස්ථාන ගැන හොඳ පරික්ෂාවෙන් හිටියොත් බොහෝ දේ හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
Bamunuarachchi Thursday, 09 December 2021 05:47 AM
දැන් තිබෙන්නේ හොරු හතර දෙනා මස් කොරන්නයි. කවුද කරන්න ඉන්නේ?
Bunny Preena Thursday, 09 December 2021 10:06 AM
මේ වැඩේ කරපු අයගෙත් කෑලි ගලවල දාන්න ඕන.