පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා කීයි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමැති මේ බව පැවැසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කේරළ පොල් එලොව යවයි
නිහාල් Tuesday, 29 November 2011 12:17 PM
දුප්පත් මිනිස්සුන්ට රුපියල් 10 ගානේ දුන්නනම් මොකද?
nonama Tuesday, 29 November 2011 12:24 PM
අනේ මෙහෙමත් නාස්ති කරනවනෙ. ගෙදරන් ගෙනාපුවද? අහිංසක දුප්පත් ජනතාව කොච්චර ඉන්නවද? ඔවුන්ට අඩුවට දුන්නෙ නැතිව විනාශ කරපු අය පසුව වගකියන්න වෙයි.
තිලංක Tuesday, 29 November 2011 12:40 PM
මේව නම් මහම මහ අපරාධ
සිසිර කුමාර Tuesday, 29 November 2011 01:26 PM
අපි පොඩිකාලෙ ඉගෙන ගත්තෙ පොල් අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවයි. දැන් ඒ වුණාට ඉන්දියාවෙන් පොල් ගේන්න වොලා තියනවා. ඒ මදිවට ඒවා විනාශ කරනවා.
කිත්සිරි Tuesday, 29 November 2011 01:18 PM
මෙහෙමත් ඇමතිවරු
උපාලි Tuesday, 29 November 2011 01:38 PM
මෙහෙම කරන්න ඇත්තේ ඉල්ලුම සැපයුම න්‍යාය අනුව. ඒත් ඉතින් ඔය පොල් ටිකට වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද?
හර්ෂ බාලසූරිය Tuesday, 29 November 2011 01:48 PM
ඒ අනුව පොල්ගෙඩිය මිල රුපියල් 31.60.( 688'500/22'500) මොකක්ද ලාබෙ. සල්ලි කගේ හරි අතට යන්න ඇති.
Pola Tuesday, 29 November 2011 01:57 PM
බල්ලන්ට කන්න දුන්නත් වටිනව කියලා නොතෙරෙන හැටි.
හිල්මි Tuesday, 29 November 2011 02:28 PM
ඔය ඇමතිලව තවත් තියන් ඉන්නවද?
ජයී Tuesday, 29 November 2011 02:56 PM
විනාශකළා යන්නේ තේරුම කුමක්ද? සත්වකෑම සෑදීමට ප්‍රදානය කිරීමද? විකිණීමද?
මන්චනායක- දෝහා කටාර් Tuesday, 29 November 2011 03:05 PM
එම පොල් තොගය විනාශ නොකර වැඩකට ගන්න තිබුණා නොවේද?
anon Tuesday, 29 November 2011 02:48 PM
කමක් නෑ සමහරු හොදි හදන්නෙ පොල් වලින් නෙමේ වෙන්න ඇති
lanka Tuesday, 29 November 2011 03:44 PM
ඡන්දෙ දුන්න නිසාද?
බුද්ධික Tuesday, 29 November 2011 03:26 PM
රට හැදෙයිද?
පවිත්‍රා Tuesday, 29 November 2011 03:38 PM
ඔය පොල්වලින් පොල්තෙල් හින්දනම් මොකද?
උපුල් Tuesday, 29 November 2011 12:17 PM
ගෙදරින් ගෙනාපු සල්ලිද දන්නෙ නෑ.