ආරියරත්න රණබාහු
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඊට අමතරව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් ගෙන ඒමට වියදම් වු මුදල ද ගෙවීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා කීය.
ඒ සඳහා රුපියල් ලක්ෂ හත හමාරකට ආසන්න මුදලක් වැයවී ඇති බවද හෙතෙම කීය.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් සිදුවු හදිසි අනතුර සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබඳ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීය.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘කිරිවෙහෙර විහාරාධිපතිගේ වියදම් රජයෙන් දරනවා’ - ඇමැති ගාමිණි
ලුම්බිණි Thursday, 14 June 2018 10:26 AM
සල්ලි නැති දුප්පත් කෙනෙකුට මෙහෙම වියදමක් රජය කරන එකක් නැහැ මම හිතන්නේ...
asanka Thursday, 14 June 2018 10:33 AM
"වියදම් රජයෙන් දරනවා" යන්න "මහජන බදු මුදලින් දරනවා" ලෙස නිවැරදි විය යුතුයි. කෙසේ වෙතත්, මේ ස්වාමීන් වහන්සේට මෙලෙස සැලකීම හොඳ දෙයක්.
kumar (Gulf) Thursday, 14 June 2018 10:56 AM
නිකන් මහජන සල්ලි පුද්ගලික මැර සටන්වල සුවවීම් වලට යටකරන්නේ නැතිව ඉන්න
sirimal Thursday, 14 June 2018 10:58 AM
නැතුව කොහොමද. වෙඩි තබිල්ලට සම්බන්ද යයි කියල සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න පුද්ගලයෙක් ඒ පළාතේ ආණ්ඩුවේ පාර්ශව කාර පක්ෂයක ප්‍රභවරයෙකුගේ උදව් කාරයෙක් කියලත් කියනවනේ.
rocky Thursday, 14 June 2018 11:38 AM
හාමුදුරුවන්ට හොඳට සල්ලි තියනවා. ඕවා අනවශ්‍ය වැඩ. සමහරු කියනවා මේ හාමුදුරුවෝ දරු පවුල් කාරයෙක් කියලා. ඒ කතාව ඇත්ත නම් ඒ ගොල්ලන්ගේ වියදමත් රජයෙන්ද? මහජන මුදල් ඔවැනි දේවල් සඳහා වියදම් කරනවට අපි තදින්ම විරුද්ධයි!
gunarathna Thursday, 14 June 2018 01:19 PM
ලොක්කා පරෙස්සමෙන් හොඳේ. .හාමුදුරු කෙනෙකුට කාරෙකක් දීල එක හිටපු ඇමති කෙනෙක් එෆ්සීඅයිඩී යනවා.මේවට වියදම් කරන්නේ ඔබතුමාගේ බුදලෙන් නම් ප්‍රශ්නයක් නැහැ.රජයේ මුදල් නම් පරෙස්සමෙන් හොඳේ.
Bamunuarachchi Saturday, 16 June 2018 01:59 PM
විජාතිකයින්ගේ විරුද්ධකම්වලින් සිංහල බෞද්ධයින්ට වැඩක් නැත. මේ ස්වාමින් වහන්සේ සිංගප්පුරු යවා හෝ සුවපත් කරවන්න.