IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කරෙයිනගර් පැරිස් යයි

පසුගියදා  ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනතාව අතර › ලංකාවේ කරෙයිනගර්  කේන්ද්‍ර කොට ජීවත් වන දෙමළ  වැසියන්ගෙන් සමන්විත ප්‍රංශයේ කරෙයිනගර් සුබ සාධන සංවිධානය ප්‍රධාන කොට විවිධ ප්‍රසංගයක් පැරීසියේදි පැවැත්විණි.

වසරකට වරක් ඔවුන් විසින් පවත්වනු ලබන මෙම විවිධ ප්‍රසංගයට  කැනඩාව,  ජර්මනිය, ස්විට්සර්ලන්ත, නොර්වේ ආදි රටවලින් නියෝජිතයෝ ආහ.

එහි ලෝක සංවිධානයේ සභාපති සිවා මගේෂන්  හා පැරිස් සංවිධානයේ නව සභාපති සෙල්වචන්ද්‍රන්  සභාව ඇමතුවෝය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි නිලධරයෝ ද ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ, උප සභාපති හේවින්ද විඡේරත්න , භාණඩාගාරික ප්‍රසන්න ද සිල්වා, යුරෝපා එජාප සංවිධානයේ පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර ඇතුළු ශ්‍රී ලාංකිකයෝ ද පැමිණ සිටියහ.

සංවිධානයේ ආරම්භක සමාඡික හා කිලධාරියකු වූ ජෙගනාතන් මහතා පැරීසියේ සිංහල දමිළ සහජීවනය සදහා විශේෂ කැපවීමකින් කරයි.

ප්‍රංශයේ ඉපදුන ශ්‍රී ලාංකික දරුවන්ගේ  නර්තන, වාදන, ගායන වලින් පිරි මෙම සැඳෑව ආලෝකමත් කිරීමට ශ්‍රී ලාංකික දමිළ සංගීත විශාරදවරියක පැමිණ සිටියාය. කරෙයිනගර් ගමේ උපන් සංගීතය තම ජීවිතය කරගත් සංගීතයට උපන් හපන්කම් ඇති පරම්පරාවක තුන්වන පුරුකට අයත් දැනට මලයාසියාවේ ස්ථීර පදිංචිය ලෙස තෝරා ගත් එහි සංගීත ඇකඩමියේ ගුරුවරියක ලෙස කටයුතු කරන වයලීනය වාදනයට අති දක්ෂ විශ්වන් නවරත්නම් විමලරා‚ මහත්මිය ගේ සංගීත රාවය  එදින සැඳෑව  පැරිස්හල දෝංකාරය කළේය.

තම පිය පරම්පරාවෙන් උරුමවූ සංගීතයට ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ඇය ඉන්පසු දකුණු ඉන්දියාවේ මදුරාසි නගරයේ අන්නමලේ සංගීත ඇකඩමියෙන් විශාරද ශ්‍රේ‚ය දක්වා සංගීතය හා වයලීන් වාදනය ප්‍රගුන කරමින් මැලේසියාවේ උසස් සංගීත ආයතනයක   ගුරු වෘත්තිය දක්වා පැමිණියාය.   සරස්වතී දේවිය පසුතලය සැරසූ වේදිකාවක ඇය විසින් ඉදිරිපත් කැරුණු වයලීන වාදනයන් ශාලාව මුසපත් කළ සංගීත නාද රටා එදින සැඳෑවේ අසන්නට ලැබිණි.

මෑත ඉතිහාසයේ පැරීසියේදි එවැනි උසස් ගණයේ සංගීත රාවය  නොඇසු තරම්ය. ඇගේ සංගීත ස්වර  පෙළ ගැස්වීමට ඩෝල්කි වාදනයෙන් ඇයට සහායවූ අවුරුදු 12 ක් වයසැති සුභාෂ් මදුෂන් රවිරාඡ් දරුවාගේ ඩොල්කි වාදනය කනට මිහිරක් එක් කළේය. එම දරුවාද සංගීත පවුලක  උරුමක්කාරයෙකි. පියාගේ ආභාෂය ලබමින් ඔහුගේ ගුරුහරුකම් මත වාදනය ප්‍රගුණ කර ඇත්තේය. කනකසුන්දරම් ශිවරාජා  එම දරුවාගේ පියාය  පැරීසියේ ජීවත්වන ඔහුද ඩොල්කි හා තබ්ලා වාදනයට අති දක්ෂයෙකි.

එදින සැඳෑවට ඔහුද එක්වුයේය. ඔවුන්ට උපහාර හා සම්මාන පිරිනැමීමද දමිළ සංස්කෘතියට අනුකූලව උත්කර්ශවත් ලෙස  සිදුවුයේය. තම ගමේ දැනට ජීවත් වන දරුවන් උදෙසා මෙම සංවිධානය විසින් ගොඩ නඟන මහල් දෙකකින් සමන්විත  පුස්තකාලයට අවශ්‍යය ආධාර හා  දෙමළ, ඉංග්‍රීසි,  ප්‍රංශ පොත් විශාල ප්‍රමාණයක් ද එදින එකතු විය.

යාපනය අධජ්වීපයයේ යාපනය නගරයට කි:මි: 20ක් ඈතින් ඉන්දියා සාගරයේ කාර්තිව් දුපතේ පිහිටි ප්‍රධාන නගරය කරෙයිනගර් නම් වේ. මදුරාසියේ  සුප්‍රසිද්ධ හින්දු කෝවිලේ අනුරුවට සමානව ඈත අතීතයේ ගොඩ නැගුනු හින්දු භක්තිකයින් පුජනීය ලෙස පුදපුජා කරන හින්දු කෝවිල , ඈත මුහුදේ යාත්‍රා කරන නැව් වලට සංඥා සපයන විදුලි කණුව, දුපතට යාබදව පිහිටා ඇති පෞරා‚ක බළකොටුව  හා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ දෙවන විශාල නාවික කඳවුර පිහිටි මෙම භූමියට ලෝක ප්‍රසිද්ධ අහිංසා වාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි තුමන්ද පය තබා ඇත්තේය

පනස් දහසකට ආසන්න පවුල් ජීවත්වූ මෙම භූමිය ද දශක තුනක යුද්ධයට ගොදුරු විය. එහි බොහෝ පවුල් විදේශ ගත විය. අද ජීවත් වන පවුල් සංඛ්‍යාව ඉතාම අල්පය.

 

 

 



අදහස් (0)

කරෙයිනගර් පැරිස් යයි

හේමාල් දොඩන්ගොඩගේ Monday, 03 March 2014 01:01 AM

අපිත් ගියා බලන්න හරිම ලස්සනයි. අගය කළ යුත්තක්.(නදී)

:       0       0

ප්‍රස්පකුමාර Sunday, 02 March 2014 10:11 PM

කාලෙකින් අහන්න ලැබුන හොද දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site