IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ළහිරු හර්ෂණ)

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදනය  වීමෙන්  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ‍ෙ ප්‍රතිකාර ලබමින්  සිටි චීන ජාතික කාන්තාව  වන ලිඕ යාන් (43) මහත්මිය  සම්පූර්ණයෙන්ම සුවය ලබා  අද (19) රෝහලෙන් පිටවගියාය.
 
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා  සහ  ඇයට ප්‍රතිකාර කළ  රෝහල් කාර්ය මණ්ඩලය  ඉතා සුහදශීලී අයුරින්  ඇයට සමුදුන්නේය.

එහි අවස්ථා  වීඩියෝ සහ ඡායාරූපයන්හි දැක්වේ.

( ඡායාරූප - ළහිරු හර්ෂණ, වීඩියෝ ශාන්ත සෙනවිරත්න )

 

 



අදහස් (11)

කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි

ගගන Wednesday, 19 February 2020 08:55 AM

එහෙ ගිහින් කොරෝනා හදාගෙන ආපහු මෙහෙ එයිද ?

:       82       18

තාරක Wednesday, 19 February 2020 09:48 AM

චීන කාන්තාවත් දැන් මානසිකව අවුල් වෙලා ඇති මේ විකාර දැකලා.

:       38       76

රට වැසියා Wednesday, 19 February 2020 09:51 AM

මේ වගේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් කරන මේ විගඩම් ගැන නම් බොහෝම කණගාටුයි! අපිට මේ වගේ තත්වයකින් මිදිලා පරිනත රටක් -රාජ්‍යක් වෙන්න බැරි ඇයි! (මේ චින කාන්තාවට කොරොනා තිබුනා කියලා චින රජය නිල වශයෙන් පිලිගත්තේ නෑ!)

:       137       183

kamal Wednesday, 19 February 2020 09:52 AM

අපිට ලෙඩක් හැදුනමත් දොස්තර නෝනලා, නර්ස් නෝනලා ඉඹලා තමයි බෙහෙත් දෙන්නේ, ඒත් හැබැයි රෝහලේ බෙහෙත් තිබ්බොත් දොස්තර උතුමන්ලාවේ චැනල් කරලා අල්ල ගත්තොත් ඒක පුරුවේ වාසනාවක්.

:       2       15

upali Wednesday, 19 February 2020 09:58 AM

ආයේ ණය ගන්න එක අපට ප්‍රශ්නයක් නැහැ.

:       1       164

wimal Wednesday, 19 February 2020 10:33 AM

බුදු අම්මෝ පුදුම ආතල්. කමෝන් ශ්‍රී ලංකා. පුදුමෙ තමයි කවූරු හරි ඇමති කෙනෙක් කසාද බදින්න කතා කළේ නැති එක. කොරෝනා හැදිලා තිබුන්නැති හින්ද තමයී ඔය සැළකිල්ල. කොරෝනා හැදිලා තිබ්බනම් ඔය සෙට් එක ඉන්නේ ඇදන් යට. අම්මට ඒඩ්ස් කියලා දුවට පාසලට යන්න දුන්නේ නැති මිනිස්සු ඉන්න රටක්නේ මේක. ලංකාවෙ රෝහල්වල ඉන්නේ සහ වැඩ කරන්නෙ රෝගීන්ගේ දුක දැක්කම හදවත එළියට පනින නෝනා මහත්වරු. චීන්නු මේවා දැනගත්තොත් අපේ මිනිස්සුන්ට යන්න වෙන්නෙ සිංගප්පුරුවෙ එළිසෙබෙත් තමයි.

:       8       137

Ruhunu Wednesday, 19 February 2020 10:53 AM

චීන්නු මේවා දැකලා එහෙ ඉන්න ලෙඩ්ඩු ටික මෙහාට එවයිද දන්නේ නෑ.

:       0       104

Nimal Wednesday, 19 February 2020 03:13 PM

අපිට මොන මොන දේශපාලන අදහස් තිබුණත් ඒ චීන කාන්තාවගේ සුවය වෙනුවෙන් මෙරටේදී ලැබුණු ප්‍රතිකාර සත්කාර සියල්ල වෙනුවෙන් අපගෙ රජයේ රෝහලක වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයට අපි ස්තුති කරමු ඔවුන්ගේ කැපවීම අගේ කරමු. මෙතරම් දරුණු මුළු ලොවම බිය වී ඇති මේ රෝගය වැළදුණු චීන කාන්තාවක් අපගේ රටේදී සම්පුර්ණ සුවය ලබා පිටවී යාම ගැන අපි සතුටු වෙමු.

:       50       321

NimalThursday, 20 February 2020 05:42 AM

මුළු ලෝක ජනයාම බිය වද්දමින් ලොව පුරා පැතිර යන මේ රෝගය මැනවින් මැඩ පවත්වමින්, ඒ රෝගය වැළඳුනු රෝගියෙක්ව සුවපත් කරමින් ඇයට සුව සනීපයෙන් යුතුව තම රටට යන්නට මග පාදන්නට ලොවට මහගු ආදර්ශයක් දෙන්නට ඇප කැපවී සේවය කල එම රජයේ රෝහලේ වෙද සහ හෙද කාර්ය මණ්ඩලය අගේ කර කල සටහනට ලැබී ඇති රිනාත්මක ප්‍රතිචාරයෙන් අපගේ රට වැටී ඇති ප්‍රපාතය කොතරම්ද කියා පැහැදිලි වේ. අපි යහපත් දේ හොඳ දේ අගේ නොකරමුද? සබ්බේ සත්තා බවන් සුකිතු සත්තා කියා නොවේද බුදුන් වහන්සේ දෙසනා කලේ? එය නොවේද අපගේත් ප්‍රාර්ථනාව විය යුත්තේ. එම රෝහලේ වේද සහ හෙද කාර්ය මණ්ඩලයේ මහත්වරුනි මහත්මියනි අපි ඔබගේ කැපවීම අගේ කරමු. ඔබ ලංකා මාතාවට කල මේ සේවය අගේ කරමු.

:       4       108

de silva Thursday, 20 February 2020 10:53 AM

ඇමතිවරු, දොස්තරවරු , හෙදියන් සහ සාත්තු සේවකයන් චීන්නුන්ට දක්වන මේ ආදරය කරුණාවෙන් 10 % ක් වත් ලංකාවේ දුප්පත් රෝගීන්ටත් දක්වනවානම් අපි කොතරම් වාසනාවන්තද ?

:       0       1

nimal Friday, 21 February 2020 03:44 PM

ඇත්තටම මෙයාට වයස අවු 43ක් වෙනවද?. මට හිතෙන්නේ මෙයා මාධ්‍ය සංදර්ශනය වෙනුවෙන් යොදාගත්ත නිළියක්. පවිත්‍රා මහත්මියට සිපගන්න කෙනෙක් ඕනි වෙන හින්දා වෙන ආදේශක නිළියක් යොදාගන්න ඇති මම හිතන්නේ.

:       125       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site