( තිලකරත්න දිසානායක)
දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත 33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක මෙසේ මරණයට පත්ව ඇත.
මියගිය තිදරු මව ඉකුත් 11 වැනිදින දරු ප්‍රසූතිය සදහා රෝහලට ඇතුළත් වන විට උණ , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවැසීය.
ඇයට කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීම නිසා සිසේරියන් සැත්කමකින් දරුවා ලබා ගත් බවත් ඊට දින පහකට පසු අද දින එම මව මිය ගිය බවත් අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.