
(ගයාන් සූරිය ආරච්චි)
සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පාතාල සාමාජික කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන කරකරන්දෙනිය සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තා ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා පොලිසිය ඉන්දියානු රජය සමඟ සාකච්ඡා පවත්වන බවද එම උසස් නිලධාරියා කීය.
සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තාගේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසේ සැඟවී සිට මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ බව කියන සැකකරුවෝ හතර දෙනෙක් ද ඉකුත් දා ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd