IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘කරන්න බැරිනම් දමල ගහල යා යුතුයි‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව කිරීමෙි වරම විපක්ෂයට ලැබුනොත් බය නැතිව ආණ්ඩුව අරගත යුතුයැයි ද බෙල්ල තියල කරන්න බැරි නම් දමල ගහල යා යුතු යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද 6 පැවසීය.

ආණ්ඩුව ජනතාවට අප්පිරිය වෙලා නම් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ජනතාව ආණ්ඩුව සහ ජනාධිපති එලවන්න පෙළගැසී සිටිනවා නම් විපක්ෂයට අනිවාර්යයෙන්ම ඒ වරම ලැබිය යුතු බව කී ෆොන්සේකා මහතා වරම ලැබුණොත් බහුතරය සුළුතරය ගැන කතා කර කර ඉන්නේ නැතිව විපක්ෂය වගකීම් බාරගත යුතු බව ෆොන්සේකා මහතා කීය.

විපක්ෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් යැයි තමා හිතන්නේ නැතැයි ද ඊට 113 හම්බ වෙන්නේ නැතැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

 



අදහස් (10)

‘‘කරන්න බැරිනම් දමල ගහල යා යුතුයි‘‘

kusal Wednesday, 06 July 2022 05:12 PM

දුම්මල ගහ ගහ ජප කෙරුවට හරියන්නේ නැහැ. පොල්ලක් අරන් දෙන්නයි තියෙන්නේ ඔලුව කුඩු වෙන්න..

:       33       26

SIRISENAWednesday, 06 July 2022 06:30 PM

‘‘කරන්න බැරිනම් දමල ගහල යා යුතුයි‘‘ කීවට ඔබට ආණ්ඩුවක් පිටුවිමට නොහැක. එසේ කලත් ආසියානු කලාපයේ රටවලින් හැර වෙනත් රටවලින් ඔබට සහයෝගයක් නොලැබෙන බව ඔබ නොදන්නේද ?

:       0       0

ravin Wednesday, 06 July 2022 05:18 PM

දැන් වෙන්නේ කරන්න දෙන්නේ නැති එක. බලයෙන් වියරු වැටුණු අය කොහේද කොමිස් ගහන්නේ කියලා බලන එක.. ඒ හින්දා කවුරු ආවත් එකයි.

:       2       26

Bamunuarachchi Wednesday, 06 July 2022 06:12 PM

ඈ හලෝ රට කරන්න තමයි අගමැති ඇතුළු කැබිනට් එකක් පත් කලේ. එගොල්ලෝයි රට කරන්නේ. දැන් සජියා ජනාධිපති උනාම අගමැතිවෙන්නේ කව්ද? පෙන තෙක් මානේ ගොයියෙක් ඉන්නවාද? අපිට මේ අපේ ජනාධිපති, අගමැති කියලා කියන්න පුළුවන් කෙනෙකු ඔය සජබයේ ඉන්නවාද? මටනම් සජියාට අහකබලා ගේනවත් අපේ ජනාධිපති හෝ අගමැති කියන්න බැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 06 July 2022 06:16 PM

කාටද කියලා නමක් ඇතුව කියනවකො එතකොට අපි අපරාද පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දන්වන්නම්. ඒතකොට පොල්ල ගහන්න ඕනේ තැනට ගහවි.

:       0       0

ගමේ එකාලා Wednesday, 06 July 2022 07:02 PM

දූෂිත දේසපාලුවෝ ලෙහෙසියෙන් යන්නේ නැහැ.මැති ඇමතිකම් ,ලැබෙන වරප්‍රසාද නැතිවෙයි කියලා. තියෙන බල තණ්හාවට සදහටම බලයේ ඉන්ඩ හදන උන් තමා අපේ රටේ ඉන්නේ ?

:       0       0

මහසෙන් Wednesday, 06 July 2022 07:48 PM

එතකොට හරි යයි ද?

:       0       0

de silva Wednesday, 06 July 2022 09:02 PM

අර පාර්ලිමේන්තුවේ නිදි කිරකිර හිටපු අයත් මේ වෙලාවේ පගාවක් ඉල්ලලා, ඔහුට වයස අවුරුදු 75 ක් පමණ වෙනවා. තව පගා ඉල්ලන්නේ එහා ලෝකයට ගෙනියන්නද?

:       0       0

chandima Thursday, 07 July 2022 12:17 AM

දැන් බලන්න ආදර්ශයක් විදියට ඔබතුමා මන්ත්‍රිකමෙන් අයින්වෙලා පෙන්නන්න.

:       0       0

hesa Thursday, 07 July 2022 01:31 PM

යන්නම හොඳ නැහැ. මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න විපක්ෂයටවත් ඇහින්දාස්ලටවත් බැහැ කියලා දන්නවා එයාලාම... ණය දෙන්න අලුතින් රටවල් පහල වෙනවා කියලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site