IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට

මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන්නැයි ඉල්ලලා

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

තමාට එරෙහිව පැවැත්වීමට යන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

පරීක්ෂණ අවසන් වී ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරනු ලැබීය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජය විතානගේ මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සමේ මෙසේද සඳහන් වේ.පෙත්සම්කරු  ප්‍රසම්පාදන මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් අරඹන බව පළාත් භාර ආණ්ඩුකාරවරයා විසින් දැනුම් දෙන ලදි. ඒ පිළිබඳව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදි.

ඉන් අනතුරුව පෙත්සම්කරු ඊට එරෙහිව කුරුණෑගල මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරින.දැනට පැවැත්වෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගත නොහැකි යන පදනම මත එම පෙත්සම නිෂ්ප්‍රභා කර ඇත.ඉන් අගතියට පත් පෙත්සම්කරු ඊට එරෙහිව මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරින.

එසේම අදාල මහාධිකරණ නියෝගය බල රහිත කර තමාට එරෙහිව ඇති පරීක්ෂණය අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය,



අදහස් (2)

කුරුණෑගල නගරාධිපතිගේ පෙත්සම ඉවතට

ravin Tuesday, 10 January 2023 05:15 PM

පට්ට හොරුන්ට ගරු අධිකරණය සහාය දක්වනවා කියලද හිතන්නෙ?

:       0       0

C.k.L.ankaputhra Tuesday, 10 January 2023 06:49 PM

හොඳ වැඩේ හොඳම වැඩේ. ඉස්සර පෙන්නපු හයිරං දැන් වලන්ගු නෑ වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site