රටේ නීතියට, ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට සහ ක‍්‍රීඩා නීතියට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට තමන්ට කිසිඳු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවත් සභාපති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව තමන්ට ලැබෙන බවට විශ්වාස බවත් මෙවර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරයට තරග කරන හිටපු සභාපතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල මහතා පැවසීය.
ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ඒ මහතා තරග කිරීම නීති විරෝධි යැයි ක‍්‍රීඩා සමාජය කීපයක් ඉදිරිපත් කර තිබූ විරෝධතා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ ටොරින්ටන්හි ක‍්‍රීඩා විද්‍යායතනයේදී අද (11) පස්වරුවේ කරුණු දැක්වීමෙන් පසු සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.
‘‘මූලික කරුණු 4 ක් පදනම් කරගෙන විරෝධතා ඉදිරිපත් කර තිබුණා. මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වීම, ක‍්‍රිකට් උපකරණ අළෙවියට සම්බන්ධ වීම සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ලෙස ප‍්‍රධාන වශයෙන් මට චෝදනා ඉදිරිපත් කර තිබුණා. රටේ පවතින නීතියට අනුව මෙම කිසිඳු ව්‍යාපාරයකට මා සම්බන්ධ නැති බවට මෙම පරීක්‍ෂණයේදී ඔප්පු කළා. මගේ කරුණු දැක්වීම පිළිබඳව සෑම විටම කමිටුවේ නිලධාරීන් සෑහිමට පත්වුණා. මට විරුද්ධව ඉදිරිපත්කර තිබූ පුහු චෝදනාවලට පිළිතුරු දෙන්න මෙය හොඳ අවස්ථාවක් වුණා’’
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ක්රිකට් ආයතනයේ සභාපති වීමට මට කිසිඳු නීතිමය බාධාවක් නෑ
ඩෝගා Tuesday, 12 March 2013 02:29 AM
ආසියාවේ ආශ්චර්යය... (නි)
චන්දන Tuesday, 12 March 2013 05:10 AM
අනේ මන්දා හැමතැනම තරඟය.. තරඟය.. තරඟය.. (දී)
වරුණ Tuesday, 12 March 2013 07:37 AM
සුභපැතුම් ඔබට (දී)
නිලන්ත Tuesday, 12 March 2013 08:12 AM
ඔබට සුභ පැතුම්! (නි)
කුමාර Tuesday, 12 March 2013 08:19 AM
වෙලා පෙන්නන්න ඉස්සෙල්ලා (දී)
රොශාන් Tuesday, 12 March 2013 09:02 AM
මෙයා කියන්නේ ඇත්ත..ලoකාවෙන් නීතිමය බාධාවක් නෑ.ඒත් ඔය නීති ඔක්කොම තියෙන්නෙ අයි.සී.සී. එකේ. ලoකා ක්‍රිකට් පාලන මණ්ඩලය අයි.සී.සී. එකට යටත් නිසා, මෙයත් ඒකට අහුවෙනවා..කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසියයුතුයි නේ... (දී)
සංජිව Tuesday, 12 March 2013 04:18 PM
අයි.සි.සි එක කැමති වෙයිද (දී)
වන්නි Tuesday, 12 March 2013 09:28 AM
ඕන කෙනෙක් පත් කරගන්න, මොකද මම ක්‍රිකට් බලන එක මාලිංගගේ නින්දිත රංගනයෙන් පස්සේ නැවැත්තුවා (දී)
රත්න Tuesday, 12 March 2013 09:29 AM
මට කියන්න හිතෙනවා. ලියන්න බැහැ. (නි)
චින්තක Tuesday, 12 March 2013 09:31 AM
කියා කියා ඉන්න එපා කරලා පෙන්නන්න (දී)
ලුම්බිණි Tuesday, 12 March 2013 09:32 AM
මම හිතාගෙන උන්නේ මන්ත්‍රී කෙනෙක් වුණහම මහජන සේවය නිසා වෙන දේවල් කරන්න ඉඩක් නැහැ කියලා. (නි)
රත්න Tuesday, 12 March 2013 10:08 AM
මමනම් කියන්නේ මහත්තුරුන්ගේ රස්සාවට (ඕක ක්‍රීඩාවක් නොවෙයි) ඕන කෙනෙක් පත් කර ගන්න (දී)
සදුනි Monday, 11 March 2013 08:38 PM
දක්ෂයෙකු වන ඔබට ජය! (නි)
රොහාන් Monday, 11 March 2013 08:47 PM
හොද ප්‍රවෘත්තියක්. (නි)
සිල්වා Monday, 11 March 2013 09:03 PM
ඇයි මේ තනතුරට මෙච්චර කරදර? (නි)
ජයනාත් Monday, 11 March 2013 09:19 PM
ඔබතුමා ක්‍රිකට් වලට හොද බව අපිත් පිළිගන්නවා (නි)
රුවන් Tuesday, 12 March 2013 11:10 AM
ඉතින් එයාට බැරිද එයාට එරෙහි දේවල් වලට විරුද්ධව නඩු දාන්න? (නි)
දිල්ශාන් Tuesday, 12 March 2013 11:30 AM
හොදයි සන්තෝසයි (දී)
අමිල කටුනායක Monday, 11 March 2013 09:45 PM
ධර්මදාස හොදයි. තිලංග හොදායි... (නි)
බිහාර Tuesday, 12 March 2013 12:21 PM
නියමයිනේ. (නි)
සම්පත් රන්ජි Tuesday, 12 March 2013 12:19 PM
අපිටනම් කවුරු උනත් එකයි (දී)
නෙත්මි Monday, 11 March 2013 10:02 PM
එතකොට මේ ව්‍යාපාරවලට අපිද සම්බන්ධ? (නි)
ද සිල්වා Monday, 11 March 2013 10:02 PM
එතකොට කවුද මේවට සම්බන්ධ? (නි)
රත්නවීර Tuesday, 12 March 2013 01:31 PM
අයියෝ සල්ලි. (දී)