(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ.ඩී. දේවප්‍රිය)
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බව කියන මහසෙන් දේවාලයේ හිටපු කපුවා ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු මීට සුළු මොහොතකට පෙර පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
සෙසු සැකකරුවන් දෙදෙනා නිවුන් සහෝදරයන් බව ද පොලිසිය පවසයි.
පසුගිය 12 වැනි දා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ධම්මින්ද හිමියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට තංගල්ලට රැගෙන යන බව ද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.