ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් අද (26) පස්වරුවේ පැවැසීය.
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව අනතුරු අඟවා පැය කිහිපයක් ගතවෙද්දි මෙම ප්‍රහාරය එල්ල විය.
අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ද එම නිසා ගුවන් තොටුපොළ දෙසට ගමන් කිරීම හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට ඊයෙ (25) පස්වරුවේ අනතුරු ඇඟවීය.
කාබුල් අගනුවර ආසන්නයේ ප්‍රහාර දෙකක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ප්‍රහාරයෙන් තලේබාන් ආරක්ෂකයන් ද තුවාල ලබා ඇතැයි තලේබාන් නිලධාරියා පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් ද මෙම ප්‍රහාරවලින් තුවාල ලබා ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කාබුල් ප්‍රහාරයෙන් 13ක් මරුට
මුණසිංහ Friday, 27 August 2021 06:31 AM
ප්‍රහාරය එල්ලවන බව කලින් දැන සිටියා . එය වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නැහැ. හැබැයි කියපු එකත් ලොකු දෙයක්. අපි කිව්වේ වත් නැහැනෙ .
මුණසිංහ Friday, 27 August 2021 06:33 AM
දැන් නම් ඇෆ්ගනිස්තානය ඉතා ඛෙදවාචකයකට මුහුණ දෙන විදියක් තියෙන්නේ. අභ්‍යන්තර ගැටුම් උග්‍ර වේවි . අන්තවාදී කල්ලි අතර ගැටුම් වැඩි වෙලා තියෙන්නේ .