අජන්ත කුමාර අගලකඩ
ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආපදාවට ලක් වූවන්ට වන්දි ලබා දීම නව අමාත්‍යංශයට අයත් කටයුත්තක් වුවද ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඊට මැදිහත්ව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා එම මුදල් ලබා දෙමින් සිටින බවට දුමින්ද දිසානායක මහතා චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඊට පිළිතුරු දී ඇති වජිර අබේවර්ධන මහතා තමා එම කටයුතු අතට ගෙන ඇති බවත් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හරින්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව බවත් පවසා ඇතැයි වාර්තා වේ.
දෙදෙනා අතරේ වාදය යද්දි අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් විෂයක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක එක්ව සාකච්ජා කර කටයුතු කළයුතු බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැබිනට් රැස්වීමේදී මත ගැටුමක්
Raveendra Tuesday, 26 June 2018 05:10 PM
මේ අය මහජනතාව වෙනුවෙන් වැඩකල යුතු කාලය කා දමමින් බොරුවට ඇනකොටා ගන්නවා.
faizerTuesday, 26 June 2018 06:09 PM
ඡන්ද ගොඩ තර කර ගන්න හා ලකුණු දා ගන්න. නැතුව අපිට ආදරේට ද?
manoj Wednesday, 27 June 2018 04:53 AM
අපේ මුදල් අති විශාල ප්‍රමාණයක් නාස්ති කරමින් පාර්ලිමේන්තුව රැස් කරලා, කාලෙත් නාස්ති කරලා කා කොටා ගන්නවා. අන්තිමට තරු පහේ ආහාර වේලකුත් අපේ සල්ලි වලින්ම භුක්ති විඳලා අපේ සල්ලි වලින්ම ගත්ත බෙන්ස් එකේ නැගලා ගෙදර යනවා..
gayan Wednesday, 27 June 2018 05:44 AM
ලකුණු දාගන්න කරන වැඩ............. සිංහල ජනවහර කොච්චර ප්‍රබලද කියල හිතෙනව මේ වගේ වෙලාවට
sam Wednesday, 27 June 2018 07:11 AM
තමන්ගේ විෂය පථයවත් මොකක්ද කියලා නොදන්නා ඇමතිවරු ඉන්නේ අපේ රටේ විතරයි .