කැනඩාවේ ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි. එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කොටින්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ආධාර සපයතියි චෝදානා කරමින් කැනඩා රජය මේ පියවර ගත්තේය. මේ සංවිධානය 2005 මැයි හා 2006 ජනවාරියේ දී දෙමළ පුනරුථාපන සංවිධානයට කැනඩා ඩොලර් 620,000ක් (රුපියල් 68820000) පමණ ද, වැල්ලවත්තේ තවත් සංවිධානයකට කැනඩා ඩොලර් 113,930ක් (රුපියල් 12646230) සපයා ඇතැයි එහි විගණන වාර්තා කියයි. එම පදනමට ලැබුණු මුදල්වලින් සියයට 81ක් එම පරිත්‍යාග සඳහා වැය වී ඇත. කැනඩා බදු කාර්යාලයය පදනමේ නීතිඥයාට ලිපියකින් දන්වා ඇත්තේ මේ ආයතන දෙකම දෙමළ කොටි ජාලයට සම්බනධ බවයි. ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කැනඩාවෙන් දෙමළ පදනමට මරු පහරක්
ධම්මික හෙට්ටිආරච්චි Tuesday, 13 December 2011 05:35 PM
දැන් දැන් වැඩේ තේරිලා වගේ
සිසිර Wednesday, 14 December 2011 06:28 AM
ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය. What about India?