IMG-LOGO

කදිනල්ගේ ඉල්ලීමට මැති සබේ පිටුපායි

(ඩයනා උදයංගනී)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි නිසා ඒවා ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම වෙළුම් ලබාදෙන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පාර්ලිමේන්තු‍වේ සභානායක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් , එය පොදුජන පරිහරණය සඳහා සභාගත කර නොමැති බවත් දැනුම් දී ඇතැයි ද එහි සඳහන් වේ.

එමෙන්ම කාදිනල්තුමන් විසින් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විරුද්ධව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොණුකර ඇතැයි ද එහි දැක්වේ.

එම නිවේදනය මෙසේය. 



අදහස් (15)

කදිනල්ගේ ඉල්ලීමට මැති සබේ පිටුපායි

Prase Thursday, 30 June 2022 04:27 PM

රට බංකොළොත් වෙනකන් නොදන්න පාර්ලිමේන්තුව අනික් වැඩ ගැන මොන කතාද?

:       45       88

Bamunuarachchi Thursday, 30 June 2022 06:36 PM

පාප්තුමාට කියලා බැලුවා නම්..., එතුමාට පුළුවන් වෙයි නියෝගයක් නිකුත් කරන්න...

:       89       108

බද්රානිFriday, 01 July 2022 08:36 PM

ලංකාවේ බල්ලන් කරාපු බලුවැඩවලට පාප්තුමාට කිව්වත් වැඩක්වෙන එකක් නැහැ මගේ හිතේ... අනික ඉතින් ආයේ අමුතුවෙන් මොන නියෝගද? ඔය කෙලවිලා තියෙන්නේ හැම කෙනාටම. ලෝකය වටේ හිඟමනේ යන අය. අර මොකක්ද, කසා ගන්න නියපොත්තක් නැති වුණාට මේ අයගේ කටවල් වල තියන උජාරුව නම්, තව ගිහින් නැහැ. මැදපෙරදිග තෙලුත් එපා කියපු අයනේ මේ...?

:       17       10

BamunuarachchiSunday, 03 July 2022 11:18 AM

බල්ලන් බිරුවාට තවලම යනවා කියලා ඒ අය දන්නේ නැහැ. දැන් තවලම පිටිපස්සේ බයිසිකලේ ඇඹරි ඇඹරී තවලමට බැන බැන පස්සෙන් යනවා.

:       4       1

ranjith Thursday, 30 June 2022 07:02 PM

ඡන්දෙ ගන්න මාකට් කරපුවා දැන් අමතක වෙලා. බොරු පොරොන්දු දීලා බලේ ගන්න ඇත්තේ රට බංකොළොත් කරන්නම වෙන්න ඇති.

:       6       19

චන්දිම Thursday, 30 June 2022 07:59 PM

මම නම් බෞද්ධයෙක්... හැබැයි මට නම් කියන්න තියෙන්නේ කොච්චර කැතද කියලා ලබාදීලා තියෙන පිළිතුර කියලා. අර ලේ මස් ගොඩවල් වෙලා මැරිලා ගිය මිනිස්සුන්ට වෙච්චි දේවල් රටේ මිනිස්සුන්ට හරියට දැනගන්න විදියක් නැහැ. ඒවා පුස්තකාලේ පුස් කන්න දාලා තියෙනවලු. මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ වරප්‍රසාද නෙමෙයි ලොකු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාදලු ලොකු. බලයට එන්න ඡන්දෙ ඉල්ලන කොට නම් කොහොමද කිව්වේ? අනේ වරප්‍රසාද. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද පුස්තකාලෙට ගිහින් ඕවා කියවන කෙනෙක්. ඒකෙන් මේකෙන් කරන්න හදන්නේ මොකක් හරි රහසක් හන්ගන් ඉන්න එකයි. හොඳයි හොඳයි බලමුකෝ රටේ ඉස්සරහට වෙන දේවල්...

:       35       10

පාර්ලිමේන්තු වරප්‍රසාද නැති මිනිසා Friday, 01 July 2022 09:33 AM

මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ මොකක්ද? ඒ අයත් ඒ අයගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා නිහඬව ඉන්නවාද, නැත්නම් ඒ අයට බැරිද, ඔය වෙළුම් කියවා එහි අදාල විස්තර අවශ්‍ය ලෙස රටට දැනුම් දෙන්න පුළුවන් නේද...?

:       0       0

jayasekara Friday, 01 July 2022 09:44 AM

බැරිම තැන පාප් වහන්සේටවත් ගිහින් කියයි. බෞද්ධ අපිට කියන්න කවුරුවත් නැහැ...

:       0       0

sanna Friday, 01 July 2022 03:43 PM

බෝම්බ ගහපු, ගස්සවපු අයට දඬුවම් ඉල්ලන්නේ නෑ. පොලිසියට දඬුවම් ඉල්ලනවා. දෙයියෝම බලාගන්න ඕනෑ මේවා...!

:       3       49

SUNIL MILANO Friday, 01 July 2022 04:22 PM

මෙයාට තිබුණු ගෞරවය කෙලෙසාගෙන ඉවරයි.. පසුගිය කාලේ ඇඟ හැමතැනම ගාගත්තා.. හෝදලාවත් අයින්කරගන්න බැරි විදිහටම...

:       6       56

විපරමා Saturday, 02 July 2022 07:24 PM

එතුමා නිසා තමා පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න දූෂිත බලලෝබි දේසපාලුවෝ එළියට ආවේ. කොහෙවත් රටක ඉන්න තමුන්ගේ මොල්‍රේ අමාරුවක් තිබුනට කාදිනල් තුමාට ගරුකරන අය ඕනතරම් .

:       0       0

සුනීත හිමි කුරුණෑගල Friday, 01 July 2022 09:12 PM

හොරුන්ගේ පාරාදීසයක් වන පාර්ලිමේන්තුවේ හොරුන්ට මොන වරප්‍රසාද ද? වරප්‍රසාද කඩ වුනේ පාස්කු ප්‍රහාරයට ලක්වූ ජනතාවගේයි.

:       5       18

chandima Friday, 01 July 2022 11:28 PM

කවුරු ඇවිත් කිව්වත් මේ වෙලාවේ මොකුත්ම කරන්න බැහැ. පේන්නේ නැතිද වෙලා තියෙන දේ?

:       3       23

බකමූනා Saturday, 02 July 2022 08:33 AM

පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන ඡන්දෙන් පත්වුණු මහජන නියෝජිතයින් පිරිසක්. ඔවුන් පත් කරලා තියෙන්නේ මහජනයාට සේවය කිරීමට මිසක් මහජනයා පාලනය කරන්න නෙවෙයි. ඉතින් ඔවුන්ට කොහෙන්ද මහජනයාට නැති වරප්‍රසාද අයිති වෙන්නේ...?

:       5       6

BamunuarachchiSunday, 03 July 2022 11:24 AM

අම්මපා ඇත්ත නේන්නම්. අදනේ මමත් දන්නේ...!

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site