
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයෙකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.
"ඔබතුමාම කතා නොකර සෙසු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න. අපිට පුළුවන් ඔබතුමා ඉහළම පුටුවට ගෙනියන්න" යනුවෙන් එම මන්ත්රීවරුන් එහිදී පක්ෂ නායකයාගෙන් ඉල්ලීම් කර ඇත.
ඒ අවස්ථාවේදී පක්ෂ නායකයා මන්ත්රීවරුන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් නොපවසා නිහඬව සිට ඇතැයි වාර්තාවේ.
මේ අතර එම පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් පක්ෂ නායකත්වයට ප්රසිද්ධියේම බරපතළ විවේචන එල්ල කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පක්ෂයේ නිලතලවල වෙනසක් කඩිනමින් කරන ලෙසටද එම මන්ත්රීවරු පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
"ඔබතුමා අඩුවෙන් කතා කර අපිට වැඩි අවස්ථාව දෙන්න" : මන්ත්රීලා දහයක් පක්ෂ නායකයෙකුගෙන් ඉල්ලති (සුජිත් හේවාජුලිගේ) පාර්ලිමේන්තුවේ කතා සීමාකර පක්ෂයේ සෙසු කථිකයන්ට වැඩි අවස්ථාව දෙන ලෙස මන්ත්රීවරුන් දස දෙනෙකු විපක්ෂයේ නායකයෙකුගෙන් පසුගියදා ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. "ඔබතුමාම කතා නොකර සෙසු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වැඩි අවස්ථාව දෙන්න. අපිට පුළුවන් ඔබතුමා ඉහළම පුටුවට ගෙනියන්න" යනුවෙන් එම මන්ත්රීවරුන් එහිදී පක්ෂ නායකයාගෙන් ඉල්ලීම් කර ඇත. ඒ අවස්ථාවේදී පක්ෂ නායකයා මන්ත්රීවරුන්ගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිවක් නොපවසා නිහඬව සිට ඇතැයි වාර්තාවේ. මේ අතර එම පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන් පක්ෂ නායකත්වයට ප්රසිද්ධියේම බරපතළ විවේචන එල්ල කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම පක්ෂයේ නිලතලවල වෙනසක් කඩිනමින් කරන ලෙසටද එම මන්ත්රීවරු පක්ෂ නායකත්වයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාටම කතාකරන්න ඉඩදෙන්න. ලංකාවේ හොඳම විහිළුකාරයෙක් නැතිවුනොත් ජනතාවට ලොකු පාඩුවක්.
ආන්ඩුවට කඩේ යනවා...
අනේ යන්න...
රටේ මේ ගොබ්බ ආන්ඩුව මේ තරම් ඇන ගෙන ඉද්දී නුඹලා ආණ්ඩුවට කඩේ ගිහිං කීයක් හරි හොයා ගනිල්ලා...
ඒක තමයි ඔහු ඒකාධිපතියෙක් කියන්න පුලුවන්. සජිත්ම හැමවෙලේම කතාකරන්නේ පසුපෙලක් නැතිකරන්නද කියලා හිතෙනවා ප්රජාතන්ත්රවාදී නම් හැම කෙනෙකුටම අවස්ථාවක් දෙනවා නම් ඔක්කෝමලා රජවරු වෙන්න පුළුවන් නැත්නම් ඒකාධිපතියෙක් වේවි...
නලින් බණ්ඩාර අමිල ගුරා නිරෝසන් පාදුක්ක වගේ අයට කතා කරන්න වැඩිචාන්ස් දුන්නානම් සජිත්ට පුලුවන් ඊලග පාර ප්රාදේසිය සබාවේ විපක්ෂ නායක වෙන්න. ඒ තරම් සුපිරි බුලට් සජබේ ඉන්නේ...
ඇත්තෙන්ම කියනවා නම්, ලංකාවේ පාර්ලිමේන්තුවේ කතා කරන අයයි කතා කරන්න ඉල්ලන අයයි අතර මහා වෙනසක් නැහැ... පොලේ වෙළඳාම් කරන්නන් මෙන්, එකම දේ පවසමින් මොරදෙන බහුතර අම්බරු රැලක් මිස, බුද්ධිමත් දක්ෂ කථිකයින් නම් ඔතැන නැහැ... ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු අතරින් මාතෘකාවට අදාලව කතා කරන අය 10ක් වත් නැහැ.. විපක්ෂයේ වැඩිම වුනොත් දෙදෙනෙක් ඇති... එකිනෙකාට, අවලාද නගා ගනිමින් සමච්චල් කරගැනීම විනා, වෙන මොන වැදගත් දෙයක්ද ඔතැන සාකච්ජා කරන්නේ... හණමිටි ආකල්ප වලින් පිරුණු බක පණ්ඩිතයින් සහ, නුගත් වාචාලයින්ගේ තෝතැන්නක් බවයි අපට නම් පෙනෙන්නේ. බහුතර බලයක් හා විධායක ජනාධිපති බලයක් තබාගෙන නාහෙන් අඬන නොන්ජල් රජයකින් ජනතාව බලාපොරොත්තු වූ, සාධාරණය ඉටුවේදැයි සැක සහිතයි... කටින් පුටින් ලා වගේම වැඩ බැරි ටාසන්ලා තමයි හැමදාම ලංකාවේ වැජබුනේ... අවසානයේ මදාවියන් තමයි ජනතාවගේ වීරයින් වන්නේ..
විපත්ති නායකයා වගේම, තවත් අපතයෝ කීපදෙනෙක්ම ඉන්නවා පැන පැන, කිසි වැදගැම්මකට නැති වචාලකාරයෝ කීපදෙනෙක්? බලන් ඉන්න අපිටත් හරිම හිරිකිතයි.
ආණ්ඩුවේ වාසනාවකට බිහිවුනු විපත්ති නායකයා. පරණ කේස් ඇදෙයි කියලා ෂේප් එකේ තියාගන්න බලන්නේ.
එකම දේ නැවත නැවත ලියන්න එපා. කියවන අපට තවත් එපා වෙනව කියල අහල නැද්ද ?....