IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


‘කැත නැතුව නාන්න බේරේ වැව හදන්න යයි ‘

(අංජුල මහික වීරරත්න)

කොළඹ බේරේ වැව පතුල පෙනෙන ලෙස මාස හයක් ඇතුළත නොමිලේ පිරිසිදු කර දෙන්නට ජපානයේ සමාගමක් ඉදිරිපත්ව සිටී.

බේරේ වැවේ වෙසෙන  බැක්ටීරියා පාවිච්චි කොට අදාල පිරිසිදු කිරීම් කරන බව ව්‍යපෘතිය බාරව කටයුතු කරන ජපානයේ ග්‍රොපෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසීය.

බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට අදාල ජපන් සමාගම විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන තුනකි.

"බේරේ බේරා ගමු" ව්‍යපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ ගලධාරී හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජපාන සමාගමේ විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසූයේ මේ වන විට බේරේ වැව පතුලේ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අක්‍රීය තත්ත්වයකට පත්ව ඇති බවයි. 

ජපානයෙන් ගෙන්වූ විශේෂිත යන්ත්‍ර වල ආධාරයෙන් බේරේ වැව පතුලට ඔක්සිජන් සැපයුම ලබා දී එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කොට එම බැක්ටීරියා ආධාරයෙන් අප ජලය පිරිසිදු කිරීම තම ආයතනය අනුගමනය කරන ක්‍රමවේදය බවද මසසි ඔත්සු මහතා කීය.

 



අදහස් (13)

‘කැත නැතුව නාන්න බේරේ වැව හදන්න යයි ‘

Nimal Sunday, 10 September 2023 02:47 PM

ආණ්ඩුවේ හෙංචයියලා තවත් වතාවක් බේරෙ වැවේ නාන්න ලෑස්ති වෙනවා වගේ... ළඟදීම එය ඉටුවෙයි.

:       2       4

පියනන්ද Sunday, 10 September 2023 04:28 PM

නොමිලේ කෙරෙන වැඩකින් කොමිස් ගහන්න චාන්ස් එකක් නැති වෙන හින්දා වැඩේ තමුන්නැහැලගෙ සමාගමට ලැබෙයි ද මන්දා ජපන් මහත්තයෝ. මේක එහෙව් රටක්! තෙරුවන් සරනයි.

:       0       8

palitha Sunday, 10 September 2023 05:10 PM

මසසි ඔත්සු මහත්තයාට බොහෝම පිං. මොකද අපේ කට්ටිය තව ටික දෙනෙක් ඉන්නවා.. ආයිත් ඕකේ නාන්න ආසාවෙන්, කලින් නම් කට්ටියක් නෑවා. ඕකේ කිසි හිරිකිතක් නැතුව... අනේ පොඩ්ඩක් බලලා ඕක ඉක්මනට කරලා දෙන්න...

:       0       7

Piyal Sunday, 10 September 2023 05:14 PM

ඕකෙ පතුල දැක්කොත් ඔයපැත්තේ ඉන්න බල්ලොත් බත්කන එක නවත්වයි. මිහිපිට අපාය දැකගන්න ... ඕක දෙපස ජීවත්වෙන මිනිස්සුන්ට හැකි වේවි.

:       1       4

N.M.J.V. Prasantha Prasantha Sunday, 10 September 2023 06:12 PM

ඉදිරිය ගැන සිතා කළ හොඳ ආයෝජනයක් ...

:       0       6

පිටිගල මිලානෝ Sunday, 10 September 2023 06:21 PM

මොකෝ ගියපාර නාලා ගිය එවුන් අසනීප වුණාද? පිරිසිදු කරලා තියාගන්න ඉස්සරහට නිතරම නාන්න වෙයි.

:       0       4

විජිත් Sunday, 10 September 2023 07:10 PM

දැන් දැන් රනියාගෙයි, මයිනාගෙයි, සජියාගෙයි... බයියෝ, ටොයියෝ.. ඔක්කෝම හොඳටම වටහාගෙන ඉවරයි. මිළඟ ඡන්දයෙන් පස්සේ.. පැරැදිලා පාරේ යන්න බැරිබව. ඔවුන් දන්නවා ඔවුන් ඔක්කෝටම බේරේ වැවෙන් කුණු වතුර නාන්න වෙන බව. ඒ නිසා පෙර සූදානමක් වශයෙන් බේරේ වැව සුද්ද කරලා ලැහැස්ති කරනවා. කොයිතරම් සුද්ද කරලා තිබුණත්" එදාට "අපි බෙරේ වැවට" කහඹිලියා "තලලා දාලා තමයි එක එකාව අරගෙන ඇවිත් වැවේ ඔබන්නේ...!

:       2       2

ravin Sunday, 10 September 2023 07:20 PM

අපරාදෙ, දැන් කට්ටියව නාවන්න බැරිවෙනවා.

:       0       0

Gayan Sunday, 10 September 2023 08:20 PM

ඔක්සිජන් කන්නද කියලා අහපු කෙනෙකුත් ඉන්නවා.

:       0       5

SL Sunday, 10 September 2023 10:36 PM

හොඳට තියෙන දේ කුණු කරගෙන, හත්පොලේ ගාගන්න ජාතියක් කීවොත් අපි එකට කොළඹ තියෙන බේරේ වැව ළඟ හිටියොත් පෙනෙනවා කුණු කාණු ඔක්කෝම ඕකට තමයි හරවලා තියෙන්නේ කියලා... ඒ කරලා කොළඹත්, අපිරිසිදු කරගෙන ගඳ ගස්සවාගෙන ඉන්නවා. හැබැයි ඇමැතියෝ, නගර සභා සියල්ල තියෙනවා. ඇත්තට මොවුන් ඉන්නේ මොකටද අප්පා...? රෝසිගේ වැසිකිළියට විතර කෝටි ගණන් වියදම් කරලා, මොනවද කරේ අප්පා. බේරේ වැව කුණු වෙන්න යවන රටක්:) ඊළඟ අවුල තමයි, කොළඹ කක්කා ලයින් ටික මුහුදට දාන එක... ළඟදීම සුපිරි පරිප්පුවක් හම්බ වෙනවා ඕකෙනුත්...

:       1       1

විජේ Monday, 11 September 2023 06:37 AM

මෙච්චරයි මිනිස්සුන්ට අඩු. මේකෙන් හොරාකන්නේ කවුද දන්නෑ...?

:       0       0

Lalla Monday, 11 September 2023 06:58 AM

වැසිකිළි නල සහ අපජලය වැවට යාම වළක්වන්න..

:       0       6

Bunny Preena Monday, 11 September 2023 10:39 AM

සතුටු විය හැකි කරුනක්. සම්තිං එකක් හොයන්ට ඉන්න පිරිසගෙන් මෙම වියපෘතියට බදාවක් නොවුනොත් හොන්ඩයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site