IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතානායකගෙන් පොලිස්පතිට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවට නුදුරු ස්ථානයක උද්ඝෝෂණයක සිටි පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් බාර දෙන ලෙස පොලිස්පතිවරයාට අද (9)ලිපියක් යොමු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

මේ සිද්ධිය ඇතිවූයේ පසුගිය 6 වැනිදා සිකුරාදා පස්වරුවේය.

සිද්ධියෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි ඉල්ලමින් විරෝධතාවයක යෙදුණහ.

මන්ත්‍රීවරු කිහිප දෙනෙක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට පහරදී සෙංකෝලය පැහැර ගැනීමටද මෙහිදී උත්සාහ දරනු දැක ගත හැකිවිය.

මේ අවස්ථාවේදී කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවන බවයි.

රට විශාල අර්බුදයකට මුහුණ දී සිටින හෙයින් ජනතාව මේ අවස්ථාවේදී සාමකාමීව කටයුතු කිරීම ඉතා වැදගත් බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

 



අදහස් (2)

කතානායකගෙන් පොලිස්පතිට ලිපියක්

Shan Sunday, 08 May 2022 06:47 PM

මෙන්න මේ භූතයට සෙංකෝලෙන් ඔලුවට ගහන්න ඕනේ...

:       29       46

Piyal Sunday, 08 May 2022 07:25 PM

ශ්‍රී ලංකාවේ පහළ වෙච්චි සුදුසුකමක් නැති කතානායක කෙනෙක් තමයි මේ.

:       18       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site