(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදල්වලින් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඩිෂාන් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.
කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට පුද්ගලගයකු කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20 ට පමණ ඉන් පිටව ගියේය.
එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියා සිටියේ මාතර, මාලිම්බඩ ප්‍රදේශයේ පිහිටි තමාගේ මව සහ සේවකයන් දෙදෙනකු පමණක් පදිංචිව සිටින නිවෙසට සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබූ බවත් පසුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පොලිස් නිලධාරීන් බව හදුනාගත් බවත්ය.
COMMENTS
ළමයින්ට රෝහලකට වාට්ටුවක් හැදුවාට ගෙන්නනවා නම් එතැන ප්‍රශ්නේ තියෙන්නේ වාට්ටුව හදපු එකාගේ නෙමේ. දේශපාලන කුහකකම්, පලිගැනීම් වහා නවතනු! මේවා කතරගම දෙවියෝම බලා ගනිත්වා..!
ඔච්චර තටමන්න දෙයක් නෑනේ. මහා බලගතු දෙයියන්නාන්සේට කීවානම් අහවරයිනේ...
මේකනම් පුදුම ආන්ඩුවක් තමයි. මනුස්සයෙක් හොද වඩක් කලත් සිඅයිඩි එකට කදවනවා.