IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු  ආරම්භ කර තිබේ.

රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව මෙම හෘද රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත.  

මහල් 03 කින් යුතුව ඉදිකෙරෙන මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම රුහුණූ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා කියා සිටියේ පසුගිය රජයන් පැවැති  2004 සහ 2005 කාලයන් හි රෝහලේ සංවර්ධන කමිටුව නියෝජනය කරමින් රෝහලේ සංවර්ධනයට විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළ ද එම කටයුතු සිදු කර ගත නොහැකි වූ බවයි.



අදහස් (10)

කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්

saman Saturday, 22 February 2025 05:20 PM

ඔය දේවාල වලට ලැබෙන මුදල් සියල්ල මේ ආකරයට සමාජ සත්කාරය සඳහා යෙදවිය යුතුයි...

:       14       31

සැදැහැවතෙක් Saturday, 22 February 2025 06:07 PM

ඔය වගේම ශ්‍රීපාදස්ථානයට ලැබෙන මුදල් කිලෝ 30 වැනි පාර්සල් හැටියට (දිනකට පාර්සල් 25ක් 30ක් පිරිකර ගෝනි හැටියටත්) පොලිස් ආරක්ෂාව යටතේ පහළට ගේනවා පේනවා... ඒවාට වෙන්නේ මොකක්ද කියලා දන්නේත් නැහැ. ඇත්තටම කලකට පෙර සාම විහාරය දක්වාම වාහන ගමනට තිබූ අවස්ථාවත් ඒ මුදලින් වසා සූරාකෑමට අවස්ථා ඇතිකර තියෙනවා.. උදාහරණයක් හැටියට සමන් දෙවියන්ගේ පිත්තල රූපයක් තියාගෙන තිබුණු මාර්ගයත් වසාගෙන සැදැහැවතුන් බියගන්වා මහාපරිමාණයේ ගසාකෑම් කරනවා... ඊළඟට පිළිම රාශියක් ඉදිකරගෙන බියගැන්වීම් කර ගසාකෑමේ යෙදෙනවා...

:       43       9

sugathSaturday, 22 February 2025 07:07 PM

පිළිම වලින් මිනිසුන් බිය ගන්වන්නේ කෙසේද?

:       3       10

ශිවනොලිපාද මලෙයිSunday, 23 February 2025 05:31 AM

පිළිමවලට නම් මිනිස්සු බය කරන්න බැහැතමයි ඒත් එතන සිටින අයට මෙතැනින් තෙල් ටිකක් ගාගෙන මෙතැනට පඩුරු දාල ගිහිල්ලා කරදරයෙන් බේරෙන්න කියල කියන්න පුලුවන් මීටර් 50 න් 50 ට ලයිට් නම් සවිකර තියෙනවා සැම තැනම ආලෝකය තමයි නැත්තේ .

:       1       1

දේව දරුවෙක්Saturday, 22 February 2025 07:24 PM

ශ්‍රී පාදස්ථානයට ලැබෙන සල්ලි වලින් තමයි කිලෝමීටර් අටක් දුරට යකඩ වැට ගැහුවේ. ඒවා ඉබේ පහල උනේ නෑ. සිමෙන්ති පඩි කැඩෙන කැඩෙන වාරෙට අලුත් වැඩියා වුනේ. රෑ පුරාම මීටර් 50න් 50ට හයි වොටේජ් තියෙන ලයිට් නිකන් පත්තු වෙන්නෙ නෑ. ඒවගේ වැඩ සිටින හාමුදුරුවරුන්ට පහසුකම් සලසන්නේ ඒ සල්ලි වලින්.

:       3       22

ගමේ එකාලා Saturday, 22 February 2025 06:40 PM

ඔය විදියට අනිකුත් සිද්ධස්ථාන වලට වගේම අයිතිහාසික ස්ථාන නරඹන්න එන දෙස් විදෙස් සන්චාරකයින් ගෙනුත් ගසාකන මුදලින් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද?

:       1       13

ව්ක්‍රම විදුර Saturday, 22 February 2025 06:45 PM

හරි ආණ්ඩුවක් ආවාම දෙයියන්ටත් මතක් වෙනවා පිං කරන්න ඕනෑ නේද නැත්තං හිරේ තමයි කියලා..!

:       14       11

යුක්තිය Saturday, 22 February 2025 07:20 PM

ඔය බෞද්ධ සිද්ධස්ථාන වලින් සමාජ සත්කාර කරන්න ඕන කියන උන්, ඒවට හම්බෙන සතේට ගනන් හදන උන් කියපල්ලකො YMCA එකට තියෙන හෝටල්, අනිත් එක මුස්ලිම් පල්ලිවලට වෙන රටවල් වලින් හම්බෙන ඩොලර් මිලියන ගණන් ආධාර, ඒවට මොකද වෙන්නෙ?

:       0       30

චන්දිම Saturday, 22 February 2025 11:35 PM

කරාපිටිය මහා රෝහලේ තිබෙන මොලයේ හදිසි ආඝාත වලට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කරන බහුත චිකිත්සාව ලබාදෙන වාට්ටුව රෝගීන්ගෙන් පිරි ඉතිරි යාම නිසා බොහෝ රෝගීන්ට අංශභාග තත්වය පිටින්ම ගෙදර යන්න වෙලා තිබේ. කරුණාකර සල්ලි තිබේනම් තව එවැනි වාට්ටුවක් සාදවා දෙන්න. විශාල සේවයක් විශාල පිනක්.

:       0       7

pj Sunday, 23 February 2025 06:39 AM

මෙය කෙරෙන්නෙ සමුපකාර සංවර්ධනය යටතේ වගෙයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site