ක්රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී අද (11)පැවැති ‘කතානායක කුසලාන’ ඇමැතිවරුන්ගේ පිල සහ මන්ත‍්‍රීවරුන්ගේ පිල අතර විස්සයි - 20ක‍්‍රිකට් තරගයෙන් හිටපු ටෙස්ට් නායක මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරියමෙහෙයවූ මන්ත‍්‍රීවරුන්ගේ පිල ලකුණු 69 ක පහසු ජයක් ලැබීය.
තරගයේ දක්‍ෂතම පිතිකරු ලෙස මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් ද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස මන්ත‍්‍රී හර්ෂද සිල්වා ද, තරගයේ වීරයා ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද සම්මාන ලැබූහ.
මන්ත‍්‍රීවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 176 (ජානක වක්කුඹුර 10, දයාසිරි ජයසේකර 14, තිලංගසුමතිපාල 16, සනත් ජයසූරිය 36, ගයන්ත කරුණාතිලක 13, අකිල විරාජ් කාරියවසම් 32, නිරංජන් වික‍්‍රමසිංහ27, විමල් වීරවංශ 33/3)
ඇමැතිවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 107 (ඩලස් අලහප්පෙරුම 11, ඉන්දික බණ්ඩාරනායක19, මහින්දානන්ද අලූත්ගමගේ 12, රෝහණ දිසානායක 12, විනයාගමූර්ති මුරලිදරන් නොදැවී 11,සනත් ජයසූරිය 14/2, හර්ෂ ද සිල්වා 12/2)
ඡායාරූපය: ශාන්ත රත්නායක


2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කතානායක කුසලාන’ ක‍්‍රිකට්
අනිල් Sunday, 11 December 2011 10:30 PM
ඇයි මේ?
මොහාන් Sunday, 11 December 2011 09:59 PM
වෙන වැඩ නැතුව වගේ
ආර් රණතුංග Sunday, 11 December 2011 11:13 PM
ඇමතිවරැ කෙට්ටු වෙන්නත් එක්ක හොදයි
චූටි Monday, 12 December 2011 01:08 AM
විමල් වීරවංශ ඇමතිතුමා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගෙයි