IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතානායකට එරෙහිව පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රිකට් ආයතන ප්‍රධානීන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී විපක්ෂය දිගින් දිගටම ඉල්ලද්දීත් ඡන්දයකට  අවස්ථාව  නොදීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව  අදාළ සියලු ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ යෝජනාව ඒකමතිකව සම්මත කිරීමට පොදු එකගත්වයක් ඇති කරගෙන තිබූ හෙයින් ඒ එකඟතාව අනුව තමා කටයුතු කළ බවයි.

යෝජනාවට සභාව එකඟදැයි තමා තුන් වරක් විමසීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ බවත් ඒ අවස්ථාවේදී සභාවේ ඝෝෂාවක් පැවතුන හෙයින් කවුරුන් හෝ මන්ත්‍රීවරයකු ඡන්දයක් ඉල්ලා සිටියේ දැයි තමාට නොඇසුණු  බවත්   කතානායකවරයා කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන්  විගණන වාර්තාවේ තිබෙන කරුණු පිළිබඳව පියවර ගන්න  නීතිපතිවරයාට දැනුම් දෙන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් නියාමනය සඳහා රජයේ අවධානය යොමු වී තිබේද. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තියෙන්නෙ ආණ්ඩුවට වඩා උඩින්ද. පාර්ලිමේන්තුවට වඩා උඩින් ද. ව්‍යවස්ථාදායක සභාවට වඩා උඩින් ද. විධායකයට වඩා උඩින් ද අධිකරණයට වඩා උඩින්ද.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ  ජාවාරම්කාර ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමට සියළු දෙනා එක් වෙන්න ඕන. 

මේගොල්ලන් අද කටයුතු කරන්නේ වෙනම රාජ්‍යයක් විදියට. එයාලට එහෙම කටයුතු කරන්න පුලුවන්ද. පසුගිය ලෝක කුසලාන කුසලානයේදී සිදුවූ වංචා ගැන දිගින් දිගටම කරුණු හෙළි වුණා.

(ආණ්ඩු පක්ෂයෙන්  බාධා)

ප්‍රේමදාස මහතා:

ක්‍රිකට් ආයතනයේ මුදලට ගිජුවූ අයද  මේ කෑ ගහන්නේ. අතට මොනවා හරි හම්බ වෙලා තියෙනවා නම් ඒක තියාගන්න. මෙතන කෑගහන්න එන්න එපා. 2018 එංගලන්ත සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ලැබුණු  ඇමරිකානු ඩොලර් 5.5 ට වෙච්ච දෙයක් නැහැ. කෝ ඒ සල්ලි. ඒ සල්ලි ගියේ කොහාටද. අපේ රටට අහිමි වූ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කාගේ පොකට් එකටද ගියේ. මේ සල්ලි පිල්ලි ගැහුවෙ කොහොමද. දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ හත් දහස ගියේ කොහේටද. ඒ වගේම ලංකා බැංකුවෙන් ඊයේ  ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඉවත් කරගන්න උත්සහ කරපු බව ආරංචි වුණා මොකක්ද එකේ තත්වය. කවුද ඒක නිදහස් කරන්න අනුමත කළේ.  මේ රටේ ජනතාව දැනගන්න ඕන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් කුලිය ගෙවන සිනමන් හෝටලයේ තියෙන කාර්යාල කාමරයක ගජමුතුරු කණ්ඩායම  දූෂිත කල්ලිය එකට එකතු වෙලා ඉන්දියාවේ ෂා ට කතා කරලා  අපේ ක්‍රිකට් කණ්ඩායම  ජාත්‍යන්තර තහනමකට ලක් කරනවා  කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද ඒකට ගන්න පියවර. ෂාට කියලා තහනමක් ගන්නවා කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහනවා කියලා තමයි එහෙම කරන්න යන්නේ.

(ආණ්ඩු පක්ෂයෙන්  බාධා)

මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සල්ලි. තමුසෙගෙ කටට මම බය නෑ ඕයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත කල්ලිය පරාජය කිරීමට ක්‍රීඩා ඇමතිතුමාට අපිට දෙන්න පුළුවන් උපරිම සහය  දෙනවා.



අදහස් (8)

කතානායකට එරෙහිව පැමිණිල්ලක්

ravin Friday, 10 November 2023 03:24 PM

ක්‍රිකට් ආයාතනයෙ වංචාවන් උපරිමයෙන් සිදුවිමට පටන් ගනුනෙ කොයිකාලෙ ඉදන්ද කියන එක ප්‍රසිද්ධ මාද්‍යන් තුලින් අනන්තවත් දැක ඇත. චන්දය තිබ්බානම් බලලා එලියට පනිනවා. පුංචි හොරු තුන්දෙනාව ආරක්ශා කරන්නත් එපාය.

:       4       12

ඔක්කොම හොරු මල්ලි Friday, 10 November 2023 03:41 PM

දවසක්ම කිරි දොවල ගොම බව්සරයක් කිරිවලට හලා තියෙනවා කියන්න පුළුවන් අපරාදෙ අහිංසක ජනතාවගේ මුදල් කියන්න පුළුවන් ඇත්තටම අනුර කුමාර කිව්වෙ විපක්ෂය යෝජනා කලා ආණ්ඩුව ස්තිර කලාම සාමාන්‍යයෙන් චන්දයක් විමසීමක් වෙන්නෙ නැහැ කියලා තමයි මේකත් පාලක මණ්ඩලයේ කුමන්ත්‍රණයක් වෙන්න ඇති

:       2       16

මැක්ස් Friday, 10 November 2023 04:00 PM

ක. ජයසූරිය කළා වගේ මෙයත් සද්දෙ අනුව බලන්න ඇති. කොහොම උනත් ජෙපි දෙබිඩි පිළිවෙත එළිදරවු වීම ක්‍රිකට් පලහිලව්ව අතරෙම සිදුවීමත් හොදයි.

:       7       18

මහසෙන් Friday, 10 November 2023 04:30 PM

ඡන්දෙ තිබ්බොත් ඔතැන ඉන්න සෙට් එකම මාට්ටුනේ...

:       0       0

බද්රානි Friday, 10 November 2023 04:55 PM

බල්ලෝ වගේ බුරාගෙන ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට, වැදගත් මනුස්සයෝ වගේ සාකච්ඡා කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ඇයි ශ්‍රී ලාංකිකයින්ට බැරි..? පාර්ලිමේන්තුව විශාල අවාදර්ශයක් දෙනවා ලාංකික සමාජයටම... මෙහෙම බුරාගෙන විමර්ශන, විගණන කරන්න පුළුවන්ද..? මහා කළු තඩි බල්ලෙක් හිතුමනාපෙට ඔහේ බුරනවා ඕක ඇතුලේ... පදනමක් නැතිව එහෙම බුරන්න ඉඩදෙන එක හරිද..? සිංහ වෙස් ගත්තාට හැමෝගෙම ඇඟ ඇතුලේ තියෙන්නේ සුනඛ ජාන කියලා ලෝකෙටම ඔප්පු කරනවා... ඉවරයි මේ බලු රැල... ප්‍රාදේශීය සභාවල තත්වය මීටත් වඩා දරුණුයි... අනාගත පරම්පරාවත් මෙවුන්ව ආදර්ශයට අරගෙන ඔවුනුත් බල්ලෝ වෙන එක වළක්වා ගත යුතු වෙනවා... බල්ලන්ටම ගිය රට හා ක්‍රිකට්?

:       2       9

චින්තක Friday, 10 November 2023 07:19 PM

අනේ නෝනේ බල්ලන්ට අපහාස කරන්න එපා... ඇත්තටම ලොකු ගෙවල්වල හදන බල්ලන් ගැන නම් දන්නේ නැහැ. සාමාන්‍ය ගමේ ඉන්න බල්ලෝ ඔයතරම් නරක නැහැ...

:       0       5

අරවින්ද මොනරවිල Friday, 10 November 2023 06:38 PM

විපක්ෂය යෝජනා කරලා ආණ්ඩු පක්ෂය ස්ථීර කළ යෝජනාවකට සජිත් ඡන්දය ඉල්ලන්නේ ජාතික ජන බලෙව්ගය පාර්ලිමේන්තුවේ නැති බව දැනගෙන, ගේමක් ගහලා පොර වෙන්න හිතාගෙන... නමුත් ඒක ඉටු නොවුණු හිතේ අමාරුවටයි... සජිත් මේ කැහැ ගහන්නේ. ජත්‍යන්තර සංවිධානවලට මේක කිව්වොත් ඔවුන් දෙපැත්තෙන්ම හිනාවෙයි. මේකෙන් සිද්ධ වුනේ සජිත් ළදරු වලිප්පුව තවත් හොඳට රටට පෙනුණු එකයි. මේක හැමෝම එකතුවෙලා කෙරුව දෙයක්... නමුත් විපක්ෂ නායකයා වශයෙන් එයා මූලිකත්වය ගත් නිසාත්, ඒකච්ඡන්දයෙන් යෝජනාව සම්මත කර ගත්තු නිසාත් එතැන අනවශ්‍ය කළබලයක් නොකර හිටියා නම් එයාට ඒකේ වාසිය නිකම්ම යන නමුත් එයාගේ වටේ ඉඳගෙන එයාට වලකපන්න උත්සාහ කරන කල්ලියේ මෝඩ චූන් නිසා වුනේ උදයේ ඉඳලා වතුර ඇදලා හවස කාලය පොළවේ ගැහුවා වගේ වැඩක්...!

:       3       5

Citizen Saturday, 11 November 2023 05:38 PM

ඡන්දයක් තිබ්බොත් පාර්ලිමේන්තුවේ යකා නටපු අයගෙන් හොයාගන්න පුළුවන් ක්‍රිකට්වල සල්ලිවලින් යැපෙන අය ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site